ඕස්ට්‍රේලියානු විශේෂ දූත පිරිසක් නාවික හමුදා මූලස්ථානයට

ශ්‍රී ලංකාවේ අධ්‍යයන සංචාරයක නිරතවන, ඕස්ට්‍රේලියානු ආරක්‍ෂක විද්‍යායතනයේ, කර්නල් Adam Geoffrey McGuinness ගේ දූත ප්‍රධානත්වයෙන් සහ එම විද්‍යායතනයේ, ආරක්‍ෂක සේවා අණ හා උපායමාර්ගික අධ්‍යන පාඨමාලාව හදාරනු ලබන ශිෂ්‍ය නිලධාරීන්ගෙන් සමන්විත දූත පිරිසක්, අද දින (08) නාවික හමුදා මූලස්ථානයේ නිල සංචාරයක නිරත වුණා.

මෙම සංචාරයේදි කර්නල් Adam Geoffrey McGuinness ඇතුළු ඕස්ට්‍රේලියානු ආරක්‍ෂක විද්‍යායතනයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් නිල හමුවක් සඳහා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු හමු විය. එහිදී සිදු කෙරුණු පුහුණු ක්‍ෂේත්‍රය හා සම්බන්ධ වැදගත් කරුණු පිළිබඳ සුහද පිළිසඳරකින් අනතුරුව, ඕස්ට්‍රේලියානු ආරක්‍ෂක සේවා අණ හා උපායමාර්ගික අධ්‍යන පාඨමාලාව හදාරනු ලබන ශිෂ්‍ය නිලධාරින්ගෙන් සමන්විත දූත පිරිස, නාවික හමුදාවේ කාර්යභාරය සහ ජලශාස්ත්‍රීය පහසුකම් පිළිබඳව නාවික හමුදා මූලස්ථානයේදී පැවති දේශනයක් සඳහා සහභාගි වුණා.

තවද, මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක කර්නල් Amanda Johnston ද සහභාගි වූ අතර, මෙම නිල හමුව සනිටුහන් කරමින් නාවික හමුදාධිපති සහ ඕස්ට්‍රේලියානු දූත ප්‍රධානී අතර සමරු තිළිණ හුවමාරුවක්ද සිදු කෙරුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දිට්වා නිසා නායගිය තැන්වල තවම පස් ඉවත් කරලා නෑ - කඳුරේ වතුර ආවොත් මුළු පාරම වැහෙනවා
05:40
Video thumbnail
කොළඹ ප්‍රසිද්ධ හෝටලයක් වටලයි
01:11
Video thumbnail
ලංකාවේ සිට ඩුබායි Locationවල මත්ද්‍රව්‍ය තියන ජාවාරම්කරු කොටුවෙයි
01:02
Video thumbnail
පුස් බැදුණු කෑම විකුණන තලවතුගොඩ සුපිරි වෙළඳසැල..
01:57
Video thumbnail
හෙල්ල විසිකිරීමේ රන් පදක්කමශ්‍රී ලංකාවේ රුමේෂ් තරංගට
00:48
Video thumbnail
හැමදාම කරන්නේ වැස්සට ඉස්කෝලේ වහනවා
01:50
Video thumbnail
නව චීන තානාපති තරුණ කටයුතු හා ක්‍රීඩා ඇමති හමුවෙයි
01:37
Video thumbnail
නව චීන තානාපති - තරුණ කටයුතු හා ක්‍රීඩා ඇමති හමුවෙයි..තවත් මකර බෝට්ටු දෙකක් මෙරටට
02:04
Video thumbnail
NPP ආණ්ඩුවේ ලොකුම අභියෝගය වෙලා තියෙන්නේ නාමල් රාජපක්ෂ - 2029 නාමල් ජනපති වන බව නියතයි
06:11
Video thumbnail
කොළඹ මළ ප්‍රවාහන පද්ධතියක් සඳහා හිතුමතේ වළවල් හාරලා ?දැඩි රථවාහන තදබදයක් ඇතිවෙලා
04:46