දෙවන ටෙස්ට් තරගයේ පළමු දිනය අවසානයේදී බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ කඩුලු 7ක් බිඳ වැටෙයි

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරඟයේ දෙවන දිනය අදයි. පළමු දිනය නිමා වනවිට කොදෙව් කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා කඩුලු 07 ක් දැවී ලකුණු 287 ක් ලබා සිටියා. 

මෙම තරඟයේදී ශ්‍රී ලංකා කණ්ඩායම යළිත් දුර්වල පන්දු රැකීමක නිරත වීම කැපී පෙනුණා. ශ්‍රී ලංකා පන්දු රකින්නන් අතින් උඩ පන්දු 03 ක් ගිලිහී යාම හේතුවෙන් කොදෙව් පිතිකරුවන් පහසුවෙන් ලකුණු 250 සීමාව ඉක්මවා ගියා. නොදැවී පන්දුවට පහර දෙන නායක ක්‍රෙයිග් බ්‍රාත්වෙයිට් ලකුණු 99 ක් සහ රකීම් කෝන්වෝල් ලකුණු 43 ක් ලබා සිටිනවා.

පන්දු යැවීමේදී සුරංග ලක්මාල් කඩුලු 03 ක් දවාගත් අතර විශ්ව ප්‍රනාන්දු, ධනංජය ද සිල්වා, ලසිත් ඇඹුල්දෙණිය සහ දුෂ්මන්ත චමීර එක් කඩුල්ල බැගින් දවා ගත්තා. තරඟය පැවැත්වෙන්නේ ඇන්ටිගුවාහි ශ්‍රීමත් විවියන් රිචඩ්ස් ක්‍රීඩාංගණයේදීයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේසංවේදී වූ මෛත්‍රිපාල සිරිසේන - මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ..
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16
Video thumbnail
සූර්ය බලශක්තියට ආණ්ඩුව ගත් පියවරට චෝදනා? ප්‍රජාතන්තිකරණයට ඉතා හානිවන සූක්ෂම සැලැස්මක් මේ
09:35
Video thumbnail
ඉදිරියේදී 20%ක විතර විදුලි බිල වැඩිවෙනවා ?ඩීසල්වලින් රු.70ක් අඩුවෙනවලු..මේවා ගෙවන්නෙත් අපිනේ
09:13
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51