දු දරුවන් සම්බන්ධව පොලිසියෙන් දෙමාපියන්ට පණිවිඩයක්

තරුණ පිරිස් මුලා කරමින් හා විෂ මත්ද්‍රව්‍ය භාවිත කරමින් අද දිනයේ සංවිධාන කර ඇති සැකසහිත සාද වටලන ලෙස සියලු පොලිස් ස්ථානාධිපතිවරුන්ට පොලිස් මූලස්ථානය දැනුම් දී තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව කියා සිටියේ, එවැනි ස්ථාන හඳුනාගැනීම සඳහා පොලිස් බුද්ධි නිලධාරීන්ද යොදවා ඇති බවයි.

එසේම තම තරුණ දූ දරුවන් අද දිනයේ සිදු කරන ගමන් පිළිබඳ අවධානයෙන් පසුවන ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා දෙමාපියන්ට දැනුම් දුන්නා.

මේ අතර අනුරාධපුර – දහයියාගම ප්‍රදේශයේ හෝටලයක පැවති සුපිරි පැලැන්තියේ මත් සාදයක් වටලා පුද්ගලයින් 7 දෙනෙකු මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගෙන ගනු ලැබුවේ පෙරේ දා දිනයේදි යි.

එහි දී ඔවුන් සතු ව තිබී විෂ මත්ද්‍රව්‍යය ද සොයාගනු ලැබුවා.

මෙම සාදයට අනුරාධපුර දිස්ත්‍රික්කයේ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරයෙකු ද සහභාගි වී ඇති අතර, ඔහු වැටලීමට පෙර එම ස්ථානයෙන් පිටත් ව ගොස් ඇති බව සඳහන්.

එමෙන්ම මුහුණු පොත හරහා මහනුවර ප්‍රදේශයේ හෝටලයක සංවිධාන කර තිබූ සාදයක් ද පෙරේදා පොලිසිය වැටලූ අතර එහි දී කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයන් 36 දෙනෙකු අත්අඩංගුවට ගනු ලැබුවේ විෂ මත්ද්‍රව්‍යය ද සමඟින්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මිහින්තලේ හිමි ගැබිණි මාතාවන් හට ලබාදුන් දන්සල..ගැබිණි මාතාවන් සීයකට අධික පිරිසක් එයි
03:06
Video thumbnail
කඩුගන්නාවේ අපූරු බස් බත් දන්සල - නොමිලේ මගීන් රැගෙන යන ගමන් බස් එක ඇතුළෙම දන්සල්
02:53
Video thumbnail
"ඊළඟ ජනාධිපතිතුමා තමයි මේ ඉන්නේ"..කැළණියට ගිය දිලිත්ට ජනතාවගෙන් ලැබුණු ආදරය
01:05
Video thumbnail
පල්ලේගම හේමරතන හිමිගේ ප්‍රධාන සංඝනායක පදවිය, අටමස්ථානාධිපති ධුර‍ය තවකාලිකව ගලවයි..
01:05
Video thumbnail
සම්බුදු තෙමඟුල සිහිකරමින් තොටලඟ වර්ණවත් කරන්න සූදානම් වෙන තොරණ් රාජයා
01:29
Video thumbnail
පුත්තලමේ දන්සැල් PHI ඇවිත් පරීක්ෂා කරයි - දන්සල් ඉතා ඉහල මට්ටමින් පවත්වගෙන යනවා
02:43
Video thumbnail
බලපත්‍ර නොමැතිව තේක්ක දැව ප්‍රවාහනය කළ ලොරියක් කොටුවෙයි..සැකකරු ලොරිය දමා පලා ගිහින්
02:08
Video thumbnail
මාවතගමින් හමුවූ අමුතු දන්සල..ත්‍රීරෝද රථවල රෝද තුනට ග්‍රීස් නිපල් ගැනීමේ දන්සල
03:12
Video thumbnail
ගොවීන්ට රතු කට්ට පනියි..ජනාධිපති මන්දිරවල හරි වී ටික ගබඩා කරන්න - ඔය ටිකිරි මොළේට තේරෙන්නේ නැද්ද ?
07:27
Video thumbnail
කුකුළු අපද්‍රව්‍ය මහවැලි ගඟට මුදාහැරපු ඩබලක් පොලිසියට කොටුවෙයි
00:54