දුන් ණය නොදුන් තරහට ඥාතියාගේ නිවස අළු කළ ඥාතියා

දියණියගේ විවාහ මංගල්‍යය සඳහා තම ඥාතියෙකුගෙන් රුපියල් ලක්ෂ 05කට අධික ණය මුදලක් ලබා ගත් තැනැත්තෙකු එම ණය යළි නොගෙවීම හේතුවෙන් ඔවුන් පදිංචි නිවසට ණයහිමිකරු පැමිණ ගිනි තබා තිබෙනවා.

මෙම සිදුවීම බැංග්ලෝරයේ ජූලි 01 වැනිදා පස්වරු 05.30ට පමණ සිදු ව ඇති බවත් නිවසට ගිනි තබන ආකාරය නිවසේ සවිකර තිබූ ආරක්ෂිත කැමරාවේ සටහන් ව තිබූ බවත් ප්‍රාන්ත පොලිසිය සඳහන් කර ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.

බැංගලෝරයේ විවේක්නගර් හි වසර 07-08ක සිට මෙම මූල්‍ය ආරවුල හටගෙන ඇති බවත් වරින් වර ගැටුම් ද ඇති ව තිබෙන බවත් වාර්තා වනවා.

පාර්වතී නමැත්තිය විසින් සිය දියණියගේ මංගල්‍යය වෙනුවෙන් පවුලේ ඥාතියා වූ වෙන්කටරාමනී නමැත්තාගෙන් මෙම ණය මුදල ගෙන තිබෙනවා.

කොපමණ ඉල්ලීම් කළ ද, එම ණය යළි ලබාදෙන ලෙස අදාළ පාර්ශ්වය විසින් මෙම ණය මුදල ගෙවීම පැහැර හැරි බවටයි වාර්තා වන්නෙ.

නැවත වරක් පවුලේ විවාහ උත්සවයක දී වෙන්කටරාමනී හා පාර්වතී අතර වාචිකව ආරවුල් හටගෙන ඇති අතර, පසුව පවුලේ පිරිස් එක් ව මෙම ගිනි තැබීම සිදු කර ඇති බවයි සඳහන් වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
2
+1
0
+1
3
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?