දුන් ණය නොදුන් තරහට ඥාතියාගේ නිවස අළු කළ ඥාතියා

දියණියගේ විවාහ මංගල්‍යය සඳහා තම ඥාතියෙකුගෙන් රුපියල් ලක්ෂ 05කට අධික ණය මුදලක් ලබා ගත් තැනැත්තෙකු එම ණය යළි නොගෙවීම හේතුවෙන් ඔවුන් පදිංචි නිවසට ණයහිමිකරු පැමිණ ගිනි තබා තිබෙනවා.

මෙම සිදුවීම බැංග්ලෝරයේ ජූලි 01 වැනිදා පස්වරු 05.30ට පමණ සිදු ව ඇති බවත් නිවසට ගිනි තබන ආකාරය නිවසේ සවිකර තිබූ ආරක්ෂිත කැමරාවේ සටහන් ව තිබූ බවත් ප්‍රාන්ත පොලිසිය සඳහන් කර ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.

බැංගලෝරයේ විවේක්නගර් හි වසර 07-08ක සිට මෙම මූල්‍ය ආරවුල හටගෙන ඇති බවත් වරින් වර ගැටුම් ද ඇති ව තිබෙන බවත් වාර්තා වනවා.

පාර්වතී නමැත්තිය විසින් සිය දියණියගේ මංගල්‍යය වෙනුවෙන් පවුලේ ඥාතියා වූ වෙන්කටරාමනී නමැත්තාගෙන් මෙම ණය මුදල ගෙන තිබෙනවා.

කොපමණ ඉල්ලීම් කළ ද, එම ණය යළි ලබාදෙන ලෙස අදාළ පාර්ශ්වය විසින් මෙම ණය මුදල ගෙවීම පැහැර හැරි බවටයි වාර්තා වන්නෙ.

නැවත වරක් පවුලේ විවාහ උත්සවයක දී වෙන්කටරාමනී හා පාර්වතී අතර වාචිකව ආරවුල් හටගෙන ඇති අතර, පසුව පවුලේ පිරිස් එක් ව මෙම ගිනි තැබීම සිදු කර ඇති බවයි සඳහන් වන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද අර්චුනාගේ සෙනඟ - ජෙප්පෝ මේ බලන්න..අර්චුනාට තියෙන ආදරේ
01:56
Video thumbnail
ඔයා බීලා ඉන්නේ..මූට වෙරි ඔක්කෝටම වැඩිය - ඒ ළමයට මොනවහරි වුණානම්
00:42
Video thumbnail
බෝම්බ ග#නවා කිව්ව අන්කල්ට ජනපති දුන් පිළිතුර - "අනේ පව් අනේ ඒ අන්කල්"
02:08
Video thumbnail
මළත් JVP අපි - ආයේ JVPය අතාරින්නේ නෑ - මේ සෙනඟ දැක්කනම් පොහොට්ටුවේ අයට බඩ යනවා
03:20
Video thumbnail
පව් අනේ මේ අන්කල්.. අනුකම්පා කරන්න..
00:19
Video thumbnail
ජනපති අනුර වෙනුවෙන් නොච්චියාගමට ආ මහ ජන ගඟ - ඩ්‍රෝන කැමරාවට හසුවූ ද‍ර්ශන
03:10
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී
01:18
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී - කොහොමද දැක්කමත් පුදුමයිනේ ?
01:36
Video thumbnail
මන්නාරමේ සිදුකරන සංවර්ධන ගැන ඇමති චන්දන හෙළිකරයි - මේ ප්‍රදේශය යුද්දයෙන් බැටකාපු ප්‍රදේශයක්
07:30
Video thumbnail
අනුරාධපුර නගරයට ඇදහැලුණු මහ වැස්ස
01:04