දියණියගේ ජන්ම දිනයට දානයක් දෙන්න ගිය පියා මරුට

දානයක් ලබාදීම සඳහා අවශ්‍ය කොස් ගෙඩියක් කඩා ගැනීමට නිවස පිටුපස කොස් ගසකට නැගුණු පුද්ගලයෙකු එම ගසින් බිමට ඇද වැටීමෙන් බරපතළ තුවාල ලබා පාදුක්ක ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබෙනවා.

අප වාර්තාකරු පැවසුවේ අද (27) දිනයේ දී සිය දියණියගේ උපන්දිනය යෙදීම නිමිත්තෙන් මෙහෙණි ආරාමයකට දහවල් දානය ලබාදීම වෙනුවෙන් අවශ්‍ය පොලොස් ගෙඩි කිහිපයක් සහ කොස් ගෙඩියක් කඩා ගැනීමට මරණකරු ගසට නැග ඇති බවයි.

එම මියගිය පුද්ගලයා අඩි 60ක් පමණ උසක සිට නිවසේ වහලය මතට ඇද වැටී අනතුරුව වහලය ද කඩාගෙන බිමට ඇද වැටී ඇතැයි මූලික විමර්ශනවල දී හෙළි ව තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ පාදුක්ක – බෝපේ ගමගේ වත්ත ප්‍රදේශයේ පදිංචිකරුවකු වන 51 හැවිරිදි දෙදරු පියෙක්.

පාදුක්ක පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරටත් පරීක්ෂණ පවත්වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56