දැරියට පහර දුන් කුඩම්මා අත්අඩංගුවට

කාන්තාවක් විසින් දැරියකට පහරදෙන ආකාරය දැක්වෙන සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන වීඩියෝවට අදාළ කාන්තාව පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පහරකෑමට ලක්වු දැරියගේ කුඩම්මා වන කරවිට ආරච්චිලාගේ දිනූෂා නමැති රාගම කුරුකුලාව ප්‍රදේශයේ පදිංචි 39 හැවිරිදි කාන්තාවක්.

පහරකෑමට ලක්වූ දැරිය රාගම පොලිසියේ පොලිස් නිලධාරීනියකගේ අධීක්ෂණය යටතේ රාගම ශික්ෂණ රෝහලේ 42 වන වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටිනවා.

දැරියගේ පියා විදේශ ගතව රැකියාවක් කරන අතර පියාගේ දෙවන විවාහයේ බිරිඳ වන සැකකාරිය සමග මෙම දැරිය ජීවත්වන බවටයි අනාවරණ වී ඇත්තේ.

විදෙස් රැකියාවක නිරත වන දැරියගේ පියා නිවසේ සවි කර ඇති CCTV කැමරාවල දර්ශන ජංගම දුරකථනය ඔස්සේ ලබාගෙන මෙම වීඩියෝව ෆේස් බුක් ඔස්සේ මුදා හැර ඇති බවට පොලිස් විමර්ශනවලින් කරුණු අනාවරණය වී තිබෙනවා.

දැරියගේ පියා සහ කුඩම්මා අතර යම් විරසකයක් තිබීම හේතුවෙන් මෙම වීඩියෝව මෙලෙස සමාජ මාධ්‍යට මුදාහැර ඇති බවට පොලිසිය සැක කරනවා.

අත්අඩංගුවට ගත් සැකකාරිය වත්තල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
214
අවුල් වගේ !
29
හරි හිනා !
61
හම්මෝ !
35
මාර දුකයි !
154
මලපනිනව !
319
කුජීතයි !
83
spot_img
Subscribe
Notify of
5 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?