දැරියට පහර දුන් කුඩම්මා අත්අඩංගුවට

කාන්තාවක් විසින් දැරියකට පහරදෙන ආකාරය දැක්වෙන සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන වීඩියෝවට අදාළ කාන්තාව පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පහරකෑමට ලක්වු දැරියගේ කුඩම්මා වන කරවිට ආරච්චිලාගේ දිනූෂා නමැති රාගම කුරුකුලාව ප්‍රදේශයේ පදිංචි 39 හැවිරිදි කාන්තාවක්.

පහරකෑමට ලක්වූ දැරිය රාගම පොලිසියේ පොලිස් නිලධාරීනියකගේ අධීක්ෂණය යටතේ රාගම ශික්ෂණ රෝහලේ 42 වන වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටිනවා.

දැරියගේ පියා විදේශ ගතව රැකියාවක් කරන අතර පියාගේ දෙවන විවාහයේ බිරිඳ වන සැකකාරිය සමග මෙම දැරිය ජීවත්වන බවටයි අනාවරණ වී ඇත්තේ.

විදෙස් රැකියාවක නිරත වන දැරියගේ පියා නිවසේ සවි කර ඇති CCTV කැමරාවල දර්ශන ජංගම දුරකථනය ඔස්සේ ලබාගෙන මෙම වීඩියෝව ෆේස් බුක් ඔස්සේ මුදා හැර ඇති බවට පොලිස් විමර්ශනවලින් කරුණු අනාවරණය වී තිබෙනවා.

දැරියගේ පියා සහ කුඩම්මා අතර යම් විරසකයක් තිබීම හේතුවෙන් මෙම වීඩියෝව මෙලෙස සමාජ මාධ්‍යට මුදාහැර ඇති බවට පොලිසිය සැක කරනවා.

අත්අඩංගුවට ගත් සැකකාරිය වත්තල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

  1. ******* හු*** කි*** නයි මිරිස් කොටලා පැයෙන් පැයට දාන්න ඕන මැරිලා වැටෙනකල් සක්කිලි ***********,******** තියෙන්නේ බැල්ලි

  2. අදාල කාන්තාවගේ චරියාවේ වගතුග වීඩියෝවෙන් පැහැදිලිනමිි තවත් කිනමිි කතාද.?? දඬුවම උපරිමයෙන් දියයුතුයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රටම එකට කිව්වට පොලිසිය එකට නෑ - මෙච්චර ඇල්ලුවත් මහපොළොවේ අයිස් තියෙන්නේ ඇයි ?
07:16
Video thumbnail
හිටපු ඇමතිත් ඉන්න ඇමතිත් කරන කතාවකින්ම සූර්ය විදුලිබලය බිඳ වැටෙනවා - පද්ධතිය සම්පූර්ණයෙන් බිඳවට්ටලා
07:16
Video thumbnail
විපක්ෂ නායක සහ ICRC නියෝජිත ප්‍රධානීන් අතර විශේෂ හමුවක්
00:38
Video thumbnail
සූර්ය බලශක්තියට ඇතිවෙලා තියෙන චැලේන්ජ් එක ගැන හෙළිකරයි - නිකන් තියෙන වහල - ජනතාවට සල්ලි යනවා
17:27
Video thumbnail
තංගල්ලේ තැපැල් සේවකයන් අණබෙර වයමින් නගරයේ කරපු දේ - තැපැල් පෙට්ටි උස්සගෙන
01:15
Video thumbnail
ඕලුගල ඉදිරියේ නිලධාරින් මෙහෙයුම කළ හැටි හෙළිකරයි - "නම්බර් ප්ලේට් එක වෙනස් කරලා..හද හද ඉදලා"
02:58
Video thumbnail
අහුන්ගල්ලේ නිවසක් රත් කළ වෙ#ල්ල - වෙ# වැදීමෙන් පුද්ගලයෙකුට තුවාල
00:55
Video thumbnail
අද දිනයෙත් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - කාලගුණයේ නවතම තත්ත්වය මෙන්න
04:33
Video thumbnail
ගමේ මිනිස්සුම පාරට බැහැලා මුළු ගමටම දුන්න සුපිරි සුද්දය
03:12
Video thumbnail
"මල්ලි යන්න එපා..ඔයා බය නැතුව ඉන්න"- අලියෙක් ආහාර සොයා වාහනය පැත්තට දුවගෙන එන හැටි
00:57