Rajapura Handi Oil
Rajapura Diabetic Powder

කස්සප හිමිගේ මත්ද්‍රව්‍ය පරීක්ෂණයේ ප්‍රතිඵල නෙව්ගටිව් ලු

අනුරාධපුර රුවන්වැලි සෑය අසල සත්‍යග්‍රහය සිදු කරමින් සිටියදී අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධාගාර ගත කර සිටින බලන්ගොඩ කස්සප හිමි ඇතුළු පිරිස මත්ද්‍රව්‍ය භාවිත කර නොමැති බවට තහවුරු වී තිබෙනවා.

අධිකරණය නියෝහයක් මත සිදුකළ වෛද්‍ය පරික්ෂාවේදී මේ බව තහවුරු වී ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ අනුරාධපුර පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා සඳහන් කර සිටියේ, සිදුකළ මත්ද්‍රව්‍ය පරික්ෂාවෙන් සැකකරුවන් පිරිස මත්ද්‍රව්‍ය භාවිතා කර නොමැති බවට අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා දැනුම් දුන් බවයි.