Rajapura Handi Oil
Rajapura Diabetic Powder

නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරය විසින් අය වැයට විරෝධය පාමින් පන්දම් විරෝධයක්

අය වැයට විරෝධය පාමින් නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරය විසින් සංවිධානය කළ පන්දම් විරෝධයක් අද දින පස්වරුවේ කළුතර නාගස් හන්දියේදී පැවැත්වුණා.

රජය මඟින් ඉදිරිපත් කළ අයවැය යෝජනා තුළ ඉදිරිපත්ව ඇති බදු ප්‍රතිපත්ති නිසා මේ රටේ සාමාන්‍ය ජනතාව දැඩි පීඩනයට ලක්ව තිබෙන බවත් එම නිසා වහාම රජය මෙම බදු බර නිදහස් කොට රටේ කුස්සියේ කාන්තාවට නිදහස ලබාදිය යුතු බවත් ඔවුන් ඉල්ලා සිටියා.

තම ඉල්ලීම මුල්කරගනිමින් නිදහස උදෙසා කාන්තා සංවිධානය විසින් අද සවස කළුතර නාගස්හන්දිය ප්‍රදේශයේ සංවිධානය කර තිබූ පන්දම් විරෝධයට කාන්තාවන් රාශියක් සහභාගිවුණා.