දැඩි සුළඟකින් කොළඹ ඇතුළු ප්‍රදේශ කිහිපයක නිවාස හානි (වීඩියෝ)

කොළඹ ඇතුළු ප්‍රදේශ කිහිපයකට ඊයේ (30) රාත්‍රියේ හමා ගිය දැඩි සුළඟක් හේතුවෙන් ගස් කඩා වැටී දැඩි අලාභ හානි සිදු ව තිබෙනවා.

කොළඹ – ගාලු පාරේ කොල්ලුපිටියේ සිට වැල්ලවත්ත දක්වා මෙන්ම ග්‍රෑන්ඩ්පාස් අවට ප්‍රදේශ කිහිපයකම මෙලෙස ගස් කඩා වැටී තිබෙන බවයි දසත වාර්තාකරු පැවසුවේ.

ග්‍රෑන්ඩ්පාස් ශාන්ත ජෝසප් මාවතේ විශාල ප්‍රමාණයේ ගසක් කඩාවැටීමෙන් අසල තිබූ නිවාස 06කට ද හානි සිදු ව තිබෙනවා.

කෙසේවෙතත් එම නිවැසියන්ට ඉන් හානියක් සිදු ව නැහැ.

මේ අතර ඊයේ රාත්‍රී 11.45 ත් 11.55 ත් අතර කාලය තුළ දී වැස්සත් සමඟ හමා ගිය දැඩි සුළඟකින් හෝමාගම – ගොඩගම ලයනල් ජයසිංහ මාවතේ ජයබිම ප්‍රදේශයේ නිවාස 15කට පමණ ද දැඩි හානි සිදු ව තිබෙනවා.

එම ප්‍රදේශය හරහා හමා ගිය සුළඟින් නිවාස ගණනාවකම වහලවල් සුළඟට ගසා ගෙන ගොස් ඇති අතර ගස් ඉදිරි වැටීම නිසා ද හානි රැසක් සිදු ව ඇතැයි ප්‍රදේශවාසීන් පවසනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කහටගස්දිගිලියේ මහා ජන රැළියට දැඩි ආරක්ෂාවක් යොදවයි - ආරක්ෂක නිලධාරින් ගෙන්වයි
01:01
Video thumbnail
'අපේ ආණ්ඩුව: වසර දෙකයි - රටට සුබයි' |
00:00
Video thumbnail
ලාංකිකයකුට අයත් ප්‍රථම දිගු දුර සුඛෝපභෝගී පෞද්ගලික ජෙට් යානය රත්මලානට
04:55
Video thumbnail
වත්තක බාගෙට කැපු වළකින් හමුවූ නිසල සිරුර - දිවුලපිටිය සලිත කළ අභිරහස් එළොව යෑම
01:02
Video thumbnail
අද දිනයේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි
05:36
Video thumbnail
පැටියාට මාසයයි - වැස්සිව හොරු අරන් ගිහින් - ඇල්ලුවොත් හරක් හොරා මානව හිමිකම් යයිලු
06:06
Video thumbnail
කහටගස්දිගිලියේ ජනපතිගේ ජන රැළියේ සූදානම - සුන්බුන් එකතු කරලා ජාතියේ නාඩගමක් නැටුවේ
02:40
Video thumbnail
පොලිස් අණ නොතැකූ වෑන් රථයට පොලිසියෙන් වෙ# - "ජීප් එක හරස් කරා අරූ අයිනෙන් යන්න ගියා"
02:56
Video thumbnail
ජගත්ට යකා වැහෙයි..සංජයගෙයි, නිරුක්ෂගෙයි පැටිකිරිය හෙළිකරයි - මුන් මේ හොරු ටිකක් - රෙදි ග#වනවා මුන්ගේ
04:36
Video thumbnail
පොහොට්ටු රැළිය ගැන නලින්ද සැරටම කියයි - අපිට මේ රැස්වීම අභියෝගයක් වෙන්නේ නෑ
02:58