ථෙරවාදි බුදු දහම ලෝකයට රැගෙන යාමට උපරිම රාජ්‍ය අනුග්‍රහය ලබාදෙන බව ජනපති කියයි

ථෙරවාදි බුදු දහම සුරක්ෂිත කොට මතු පරපුරට දායාද කිරීමටත්, එය ජාත්‍යන්තරයේ ව්‍යප්ත කිරීමටත් උපරිම රාජ්‍ය අනුග්‍රහය ලබා දෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ඊයේ (09) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති “සිංහල ධම්මසඞගණීප්පකරණ” ග්‍රන්ථය එළිදැක්වීමේ අවස්ථාවට එක්වෙමින්.

බුද්ධ ශාසන අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් බෞද්ධ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව මඟින් පත්කරන ලද සංක්ෂිප්ත ත්‍රිපිටක ග්‍රන්ථ සම්පාදක මණ්ඩලය විසින් සම්පාදිත 28 වන ග්‍රන්ථය ලෙස “සිංහල ධම්මසඞගණීප්පකරණ” ග්‍රන්ථය එළිදැක් වුණා.

මෙය ග්‍රන්ථ 07කින් සමන්විත වු අභිධර්ම පිටකයේ පළමු ග්‍රන්ථයයි.

එහි පළමු පිටපත බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා විසින් ජනාධිපතිවරයා වෙත පිළිගන්වනු ලැබුවා.

එසේම මීට පෙර එළිදක්වා ඇති මජ්ඣිම නිකාය 3, සංයුක්ත නිකාය 1, අංගුත්තර නිකාය 3, ඛුද්දක නිකාය 1, ජාතක පාලි 1 යන ග්‍රන්ථ 05 ද ජනාධිපතිවරයා වෙත පිළිගැන්වීම ද මෙහිදී සිදු කෙරුණා.

අනතුරුව මහා සංඝරත්නය සමඟ පැවති හමුවේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ සඳහන් කළේ ථෙරවාදි බුදු දහම ජාත්‍යන්තරයේ ව්‍යාප්ත කිරීම වෙනුවෙන් ගතයුතු තවත් වැදගත් පියවර රැසක් ඇති බවයි.

සිංහල භාෂාවට පරිවර්තනය කෙරුණු මෙම ග්‍රන්ථ මාලාව ඉංග්‍රීසි, ජර්මන්, ප්‍රංශ සහ ස්පාඤ්ඤ භාෂාවන්ට ද පරිවර්තනය කිරීමේ වැදගත්කම පැහැදිලි කළ ජනාධිපතිවරයා ඒ මඟින් ථෙරවාදි බුදු දහම බටහිර රටවලට ද ව්‍යාප්ත කළ හැකි බව පෙන්වා දුන්නේය. ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන බුද්ධශාසන අමාත්‍යාංශය හරහා වෙන්කර දිය හැකි බව ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළා.

එමෙන්ම මෙම සියලු පරිවර්තන සමාජ මාධ්‍ය වෙත මුදාහැරිමෙන් පරිශීලනය ඉහළ නංවා ගත හැකි බව පෙන්වා දුන් ජනාධිපතිවරයා එම කටයුතු විධිමත්ව සිදු කිරීම වෙනුවෙන් වෙනම මධ්‍යස්ථානයක් බුද්ධශාන අමාත්‍යාංශයට ඒකාබද්ධව ආරම්භ කිරීමේ හැකියාවද පැහැදිලි කර තිබෙනවා.

අභිධර්ම පිටකය සුරක්ෂිත කිරීම වෙනුවෙන් වෙනම අභිධර්ම මධ්‍යස්ථානයක් පිහිටුවීම පිළිබඳ ත්‍රෛනිකායික මහා සංඝරත්නය සමඟ මේ වන විට සාකච්ඡා සිදු කෙරෙන බවත් එහි ඉදිරි කටයුතු වෙනුවෙන් කමිටුවක් පත් කරන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළා.

ථෙරවාදි බුදු දහම රැකගත් මහා විහාරයේ කැණීම් කටයුතු අවසන් වූ පසු නාලන්දා විශ්වවිද්‍යාලය මෙන් මහාවිහාර විශ්වවිද්‍යාලය ආරම්භ කිරීමට පියවර ගන්නා බවයි ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේසංවේදී වූ මෛත්‍රිපාල සිරිසේන - මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ..
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16
Video thumbnail
සූර්ය බලශක්තියට ආණ්ඩුව ගත් පියවරට චෝදනා? ප්‍රජාතන්තිකරණයට ඉතා හානිවන සූක්ෂම සැලැස්මක් මේ
09:35
Video thumbnail
ඉදිරියේදී 20%ක විතර විදුලි බිල වැඩිවෙනවා ?ඩීසල්වලින් රු.70ක් අඩුවෙනවලු..මේවා ගෙවන්නෙත් අපිනේ
09:13
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51