තීරණාත්මක අවසන් ටෙස්ට් තරගයේ කාසියේ වාසිය ඉන්දියාවට – ෂර්මා විවේකයක් ඉල්ලයි

බෝඩර් ගවස්කාර් ටෙස්ට් කුසලානයේ පස්වැනි සහ අවසන් ටෙස්ට් තරගය මේ වනවිට (03) සිඩ්නි නුවර දී ආරම්භ වී තිබෙනවා.

සත්කාරක ඔස්ට්‍රෙලියාව සහ ඉන්දියාව අතර පැවැත්වෙන අද තරගයේ කාසියේ වාසිය දිනාගත්තේ ඉන්දියාව විසින්.

අද තරගයට නායක රෝහිත් ෂර්මා එක් නොවන අතර ඒ වෙනුවට නායකත්වය දරන්නේ ජස්ප්‍රිට් බුම්‍රා යි.

ෂර්මා තමන්ට විවේකයක් අවශ්‍ය බවට ඉල්ලා සිටීම හේතුවෙන් මෙම අවස්ථාව ඔහුට ලබා දී ඇති බවත් වාර්තා වනවා.

අද තරගයේ කාසියේ වාසිය දිනූ ඉන්දියාව පළමු ව පිතිකරණය තෝරාගත් අතර දිවා ආහාරයට තරගය නතර කරන විට ඔවුන් කඩුලු 03ක් බිඳ වැටී ලකුණු 57ක් ලබා සිටිනවා.

රෝහිත් ෂර්මාගේ ස්ථානයට ශුබ්මන් ගිල් කැඳවා තිබෙනවා.

මුල් කඩුලු 03 ලෙස බිඳ වැටුණේ යෂස්වි ජයිස්වාල්, කේ.එල්. රාහුල් සහ ගිල්.

ඔවුන් පිළිවෙළින් ලකුණු 10, 04 සහ 20කට දැවී ගියා.

මේ වනවිට කඩුල්ලේ රැඳී සිටින්නේ විරාට් කෝලි සමගින් රිෂාබ් පාන්ට්.

අද තරගයට ඉන්දියාව වෙනුවෙන් නව වේග පන්දු ක්‍රීඩකයෙකු එක් කර සිටිනවා.

ඒ ප්‍රසිද්ධ් ක්‍රිෂ්ණා.

බියු වෙබ්ස්ටර් ඔස්ට්‍රෙලියාව වෙනුවෙන් අද තරග කරනවා.

පළමු කඩුලු 03 බිඳ දැමීමේ ගෞරවය මිචෙල් ස්ටාක්, ස්කොට් බෝලන්ඩ් සහ නෙතන් ලියෝන් හට හිමිවනවා.

දෙරට අතර පැවති මුල් තරග 04න් 02ක ජය ඔස්ට්‍රෙලියාව සතු වන අතර ඉන් එක් තරගයක් පමණක් ඉන්දියාව ජයගෙන තිබෙනවා.

තුන්වැනි තරගය නිමා වූයේ ජය පරාජයෙන් තොරවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56