තිලීපන් සැමරූ සිවාජිලිංගම්ට අධි චෝදනා

2020 වසරේ යාපනයේදී තිලීපන් සමරු උත්සවය සංවිධානය කිරීම හෝ ඊට සහභාගි වීමේ චෝදනාව සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් වූ දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. කේ. සිවාජිලිංගම්ට අද (22) කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා භාර දුන්නා.

මෙම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා ඉදිරියේ කැඳවූ අවස්ථාවේ දී නීතිපතිවරයා විසින් ගොනුකර තිබූ අධි චෝදනා පත්‍ර අද විත්තිකරුට භාරදීම සිදු කෙරුණා.

ඉන් පසුව විත්තිකරු රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට මහාධිකරණ විනිසුරුවරයා නියෝග කළා.

අනතුරුව පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා මෙම නඩුව ඔක්තෝබර් මස 20 වනදා කැඳවන ලෙසත් නියෝග කෙරුණා.

2020 වසරේ සැප්තැම්බර් මස 15 වනදා හෝ ඊට ආසන්න දිනයක යාපනය, කොන්ඩාවිල් හී පිහිටි කෝකුල පාරේදී තහනම් කර තිබෙන කොටි සංවිධානයේ මියගිය සාමාජිකයෙකු වන රාසයියා පාර්තීපන් හෙවත් තිලීපන් නමැත්තා මියගිය 33 වසර අනුස්මරණය කිරීම සඳහා උත්සවයක් සංවිධානය කිරීමෙන් හෝ ඊට සහභාගි වීමෙන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ 27 වන වගන්තිය යටතේ ජනාධිපතිවරයා විසින් සාදන ලද 2011 අගෝස්තු 29 වනදා නිකුත් කරනු ලැබූ කොටි සංවිධානය තහනම් කිරීමේ අති විශේෂ ගැසට් නිවේදනයේ අන්තර්ගත ප්‍රතිපාදන උල්ලංඝනය කළේ යැයි චෝදනා කරමින් විත්තිකාර සිවාජිලිංගම්ට එරෙහිව නීතිපතිවරයා විසින් මෙම නඩුව ගොනුකර තිබුණා.

අධිචෝදනා පත්‍ භාරදීම සඳහා මෙම නඩුව ඉකුත් අගෝස්තු 25 වනදා අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේ දී විත්තිකාර සිවාජිලිංගම් අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් ඔහු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දන්වා කොළඹ මහාධිකරණ විනිසුරුවරයා විසින් වරෙන්තු නිකුත් කර තිබුණා.

ඉන් අනතුරුව නීතිඥ උදාර මුහන්දිරම්ගේ උපදෙස් මත ජනාධිපති නීතිඥ රියන්සි අර්සකුලරත්න මාර්ගයෙන් විත්තිකාර සිවාජිලිංගම් අද අධිකරණය හමුවේ පෙනී සිටියා.

ඔහුගේ නීතිඥවරු සදහන් කළේ තම සේවාදායකයා වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීම සඳහා ඉන්දියාවට ගොස් සිටි බවත් මේ පිළිබඳව තොරතුරු දැනගැනීමෙන් අනතුරුව අද (22) දින මෙසේ අධිකරණය හමුවේ පෙනී සිටින බවයි.

ඉදිරිපත්වූ සියලු කරුණු සලකා බැලීමෙන් අනතුරුව මහාධිකරණ විනිසුරුවරයා විසින් මෙම නියෝග නිකුත් කරනු ලැබුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56