තිදෙනෙකුට දිවි අහිමිකළ බස් – ත්‍රීවිල් අනතුර; ත්‍රිරෝද රථයේ 09 දෙනෙක් ගිහින් (ඡායාරූප)

පුත්තලම – කොළඹ මාර්ගයේ ගලහිටියාව හන්දිය අසල දී ඊයේ (09) රාත්‍රියේ සිදුවූ අනතුරකින් තිදෙනෙක් මියගොස් ඇති බව පොලිසිය පවසනවා.

පුත්තලම දෙස සිට කොළඹ දෙසට ධාවනය වූ ත්‍රීරෝද රථයක් ප්‍රථිවිරුද්ධ දෙසින් පැමිණි බස් රථයක ගැටී මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වුණේ.

අනතුර සිදුවන අවස්ථාවේ ත්‍රීරෝද රථයේ රියදුරු ඇතුළු පුද්ගලයින් 09 දෙනෙකු ගමන් කර ඇති අතර; වයස අවුරුදු 32, 36 වන වියේ පසු වූ කාන්තාවන් දෙදෙනෙක් සහ වයස අවුරුදු එක්ක දැරියක් මෙම අනතුරෙන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මියගිය අය මිනුවන්ගොඩ හා රාගම ප්‍රදේශවල පදිංචිකාරියන් බව සඳහන්.

මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ තලවිල ශාන්ත ආනා දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යට සහභාගි වී ආපසු යමින් සිටි පිරිසක් රැගත් ත්‍රිරෝද රථයක්.

තුවාල ලැබූ ත්‍රීරෝද රථයේ ගමන් ගත් රියදුරු, පිටුපස අසුනේ ගමන් ගත් කාන්තාවන් දෙදෙනෙකු, පිරිමි පුද්ගලයින් දෙදෙනෙකු, පිරිමි දරුවන් දෙදෙනෙකු හා ගැහැණු දැරියන් දෙදෙනෙකු හලාවත රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මෙම කාන්තාවන් දෙදෙනා සහ දැරියක් මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

මෘත ශරීර හලාවත රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත් අතර; අනතුරට සම්බන්ධ බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර මාදම්පේ පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

WhatsApp Image 2025 03 09 at 16.16.18
WhatsApp Image 2025 03 09 at 16.16.18 1
WhatsApp Image 2025 03 09 at 12.01.04


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අත්පත් කරගත් ආර්ථික ජයග්‍රහණ ගමට තල්ලු කළ යුතුයි - බිඳ වැටුණු ව්‍යාපෘති විශාල අවුල් ජාලාවක්
09:56
Video thumbnail
අද පැවිදි වෙන අයට වඩා සිවුර අරින අය වැඩියි - උදාර වැඩපිළිවෙලක් කිරීම රජයේ ඉතාම කාලෝචිත ක්‍රියාවක්
07:19
Video thumbnail
22 ගැන කට ඇරපු ක්‍රීඩා ඇමති - එක කණ්ඩායමකගේ අතේ තියෙන දේපළ වෙලා
04:23
Video thumbnail
හිටපු පාලකයින් හිටවපු ගස් කපලා අලුත් ගස් හිටවන දඹුල්ලේ නගරාධිපති - ප්‍රජාව අපිට චෝදනා කළා
02:05
Video thumbnail
22 වන සංශෝධනයට එරෙහිව ලිබර්ටි වට රවුමේ විරෝධතාවක් - ආණ්ඩුව ජනවරමට පටහැනිව ක්‍රියා කරන්නේ
03:09
Video thumbnail
මේක ජනතාවගේ ආණ්ඩුවක් - අපේ පෞද්ගලික ආණ්ඩුවක් නෙවෙයි..ඔවුන්ගේ පන්නයේ මැති ඇමතිලා නෙවෙයි මේ
03:23
Video thumbnail
රාත්‍රී තැපැල් දුම්රිය කිහිපයක්ම අවලංගු කරයි - මගීන් අමාරුවේ දාන්නේ රාජ්‍ය නිලධාරින්
04:46
Video thumbnail
අපේ දෑත් පිරිසිදුයි, අපේ හදවත පිරිසිදුයි
00:25
Video thumbnail
නාමල් අත්අඩංගුවට ගැනීම නීතියානුකූලයි
01:02
Video thumbnail
නාමල් අත්අඩංගුවට ගැනීම නීතියානුකූලයි.. කොහේ ගියත් වැඩක් නෑ
01:06