තැපැල් වර්ජනය ඔඩුදුවන ලකුණු – රටේ සමස්ත වෘත්තිය සමිති ජාලයත් සහාය දෙන්න සැරසෙයි (වීඩියෝ)

වර්ජනයේ නිරත තැපැල් සේවකයින්ට සිදුකරන බියවැද්දීම් සම්බන්ධයෙන් ඉදිරියේ දී නීතිය හමුවට යන බව ඒකාබද්ධ තැපැල් වෘත්තිය සමිති පෙරමුණ පවසනවා.

මේ අතර සේවයට නොපැමිණෙන සියලු තැපැල් සේවකයින් තනතුර අතහැර ගියා සේ සළකා කටයුතු කිරිමට සිදුවන බවට තැපැල්පතිවරයා විසින් යොමුකළ අනීතික නිවේදනය වහාම ඉවත්කර ගතයුතු බවයි එම වෘත්තිය සමිති පෙරමුණ සඳහන් කළේ.

එසේ නොමැති වුවහොත් තැපැල් වෘත්තිය සමිති සමඟ සකච්ඡාවකට හෝ පැමිණීමට නොහැකි වනු ඇති බවයි ඒකාබද්ධ තැපැල් වෘත්තිය සමිති පෙරමුණ අනතුරු අඟවා සිටියේ.

මේ අතර තැපැල් වෘත්තිය සමිති ගෙන යන සටනට රටේ සමස්ත වෘත්තිය සමිති ජාලය සහයෝගය පළ කිරීමට තීරණය කර ඇති බව ඒකාබද්ධ තැපැල් වෘත්තිය සමිති පෙරමුණේ සම කැඳවුම්කරු එච්.ඒ.ආර් නිහාල් සඳහන් කළා.

එම සහයෝගය පළකරන ආකාරය සිදුවන්නේ කෙසේද යන්න පිළිබඳව අද (22) දිනයේ සාකච්ඡාවක් පවත්වන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

තැපැල් වෘත්තීය සමිති ආරම්භ කළ වැඩ වර්ජනය අද (22) පස්වන වන දිනටත් ක්‍රියාත්මක කරන අතර, අද උදෑසන සිට කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවට පොලිස් ආරක්ෂාව ද යොදවා තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56