තාම අවුරුදු 14යි හැමෝම කතාවෙන කවුද මේ බට්ටි ?

19න් පහළ කාන්තා තුන්කෝන් ක්‍රිකට් තරගාවලියේ දුටු විශේෂ සිදුවීමක් පිළිබඳව මේ වනවිට සමාජ මාධ්‍ය තුළ කතාබහට ලක්වෙනවා.

මෙම තරගාවලිය තුලදී බොහෝ පිරිසකගේ අවධානය දිනා ගන්න සමත්වුණ කෙනක් තමයි 14 හැවිරිදි චමුදි ප්‍රබෝධා කියන්නේ.

ඇයගේ කණ්ඩායමේ සාමාජිකාවන්ට අනුව නම් ඇයව හදුන්නවන්නේ ‘බට්ටි’ කියන අනුවර්ත නාමයෙන්.

මේ චමුදි ප්‍රබෝධා මොනරාගල දිස්ත්‍රික්කයේ කුඹුක්කන කියන ගම්මානයේ ජිවත් වෙන කෙනෙක්.

ඇය ශ්‍රී ලංකා 19න් පහළ කාන්තා කණ්ඩායම මේ වෙනකොට නියෝජනය කරනවා.

ඇය වමත් දඟ පන්දු යවන ක්‍රීඩිකාවක්.

බට්ටිගේ විශේෂත්වය තමයි ඇය වයස අවුරුදු 14දී ජාතික යොවුන් කාන්තා කණ්ඩායම නියෝජනය කිරීම.

ඒ විතරක් නොවෙයි මොනරාගල වැනි දුෂ්කර ප්‍රදේශයකින් ජාතික කණ්ඩායම නියෝජනය කිරීමත් තවත් විශේෂත්වයක්.

ඇයගේ ප්‍රදේශයේන් ජාතික තලයේ පිරිමි ක්‍රිකට් කණ්ඩායම් වලටවත් කවදාවත් ක්‍රීඩකයෙක් බිහිවෙලා නැහැ.

නමුත් මෙවර 19න් පහළ කාන්තා කණ්ඩායම නියෝජනය කරන බොහෝ ක්‍රීඩිකාවන් මේ වගේ ඈත දුෂ්කර ප්‍රදේශ වල ඉතා දක්ෂ ක්‍රීඩිකාවෝ.

අපේ කාන්තා ක්‍රිකට් ක්‍රීඩාව ශෂිකලා සිරිවර්ධනටත්, ඉන්පසුව චමරි අතපත්තුටත් සීමා වුණා.

නමුත් දැන් එය වෙනස් වෙමින් තිබෙනවා.

විශේෂයෙන්ම දුෂ්කර ගම්මාන වලින් ක්‍රීඩිකාවන් දහනමයෙන් පහළ සංචිතයට ගෙනත් තිබෙනවා.

මීට අමතරව ලොව හොඳම කාන්තා කණ්ඩායම් දෙක වන එංගලන්තය සහ ඕස්ට්‍රේලියාවේ යොවුන් කාන්තා කණ්ඩායම් ශ්‍රී ලංකාවට ගෙනැවිත් තරගාවලියක් පවත්වනවා.

අපේ රටේ ක්‍රිකට් පරිපාලනය, කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවටත් විශේෂ අවදානයක් දී තිබෙන ආකාරය මේ තුලින් දැක ගන්න පුළුවන්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14