තවත් අත්‍යවශ්‍ය භාණ්ඩයක මිල සම්බන්ධයෙන් විශේෂ තීරණයක්

ඉදිරි දෙසතිය තුළ සීනි කිලෝග්‍රෑමයක් රුපියල් 125ක් වැනි මිලකට පාරිභෝගිකයින්ට ලබාදීමට කටයුතු කරන බව පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසයි.

ඔහු ඒ බව පැවසුවේ රූපවාහිනී වැඩසටහනට අද (27) එක්වෙමිනි. “ඉදිරි සතිය තුළ දැනට තිබෙන සීනි මිල වැඩිවීම අඩුකිරීමට පියවර ගන්නවා. සති 2ක දී සීනි කිලෝග්‍රෑමයක් උපරිමය රු. 125කට වඩා අඩුමිලකට ලබාදීමට අවශ්‍ය ක්‍රියාමාර්ගය රජය විදිහට අරගෙන තිබෙනවා.

දැනට සීනි සඳහා පාලන මිලක් නැති නිසා. අපට මිල පිළිබඳව වැටලීම් කරන්න බැහැ. රු. 85ට පාලන මිලක් දාලා අපි ඉවත් කළේ. ඒක ප්‍රායෝගික නොවන නිසා. ලෝක වෙළෙඳපොළේ ප්‍රවනතාවය බලන්න ඕනේ. ලෝක වෙළෙඳපොළේ සීනි මිලත් ඉහළ යනවා. පාලන මිලක් දැම්මොත් ප්‍රායෝගික වෙයිද ?

ප්‍රායෝගිකව කළ නොහැකි නම් ගැසට් ගහන්නේ නැහැ.“ දේශීය වෙළෙඳපොළ තුළ මේ වන විට සීනි කිලෝවක් අලෙවි වන්නේ රුපියල් 200කට අධික මුදලකටය.

සීනි ආනයන බද්ද වසරකට ආසන්න කාලයක් ශත 25ක් තරම් අඩු මට්ටමක තිබියදී වෙළෙඳපොළේ එම අසාමාන්‍ය සීනී මිල පවති.  පරිභෝජනයට නුසුදුසු සීනී තොගයක් වයඹ සමූපකාර සංගමයෙන් මීගමුව විවිධ සේවා සමූපකාර සමිතියට ලැබී තිබුණි. 2018 නිෂ්පාදිත එම තොගය මේ වසරේ නොවැම්බර් මාසයේදී කල් ඉකුත්වීමට නියමිතය.

ඒ, හේතුවෙන් සීනි තොගය යළි වයඹ සමූපකාර සංගමයට යැවීමට මීගමුව විවිධ සේවා සමූපකාර සමිතියේ සභාපතිවරයා ඊයේ කටයුතු කර තිබුණි. මේ අතර මහනුවර සතොස ශාඛාවේද මේ වන විට සීනී නොමැති බව වාර්තා වේ. මේ අතර ලංකා සීනී සමාගම පවසන්නේ රුපියල් 130ක් වැනි මුදලකට පාරිභෝගිකයින්ට සීනි ලබාදීමට ඉදිරියේදී කටයුතු කරන බවය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වැඩි මිලට ඉන්ධන ගැනීම ගැන සජිත්ගෙන් සැර කතාවක් - රටේ සංචිතවලට අගතිගාමී බලපෑමක් වෙලා
19:49
Video thumbnail
FIFA 2026 තව තවත් උණුසුම් වෙයි - ප්‍රබල ජර්මනියට සහ අමෙරිකාව අන්ත අසරණ වෙයි
02:06
Video thumbnail
ගර්භණී කාලයේ මවකට හෙරෝයින් නිරාවරණය වුණොත් වෙන දේ මෙන්න - උපතින් හෙරෝයින්වලට ඇබ්බැහිවෙලා උපදින්නේ
02:18
Video thumbnail
දෙමව්පියෝ දරුවන්ගේ වැරදි වහනවා..වැරැද්ද පෙන්නුවනම් බන්ධනාගාරයේ මෙච්චර නෑ
03:56
Video thumbnail
බන්ධනාගාරයේ ඇත්තටම සිදුවෙන දේ මෙන්න..ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එළියට - මිනිස්සුන්ව යුද්දයට යැව්වා
09:11
Video thumbnail
ලියනගේමුල්ලේ සිදුවූ බිහුසුණු අනතුර - ත්‍රීවිල් රථ රියදුරුට බරපතළ තුවාල - සංවේදි අය නැරඹීමෙන් වළකින්න
02:16
Video thumbnail
Kasthirama | "මත්ද්‍රව්‍ය භාවිතය හා ජාවාරමට එරෙහි ජාත්‍යන්තර දිනය" පැවැත්වෙන විශේෂ කස්තිරම වැඩසටහන
01:14:00
Video thumbnail
මත්ද්‍රව්‍යට ඇබ්බැහි වුණ කෙනා ලි#ගිකව එක්වීමේ කැමැත්තක් නෑ - මනුස්සයාගේ සතුටේ සීමාවන් කොටු කරගන්නවා
04:19
Video thumbnail
ළමා මනසට මත්ද්‍රව්‍ය රකුසා ඇතුළු වෙන හැටි කිව්ව නි.පොලිස්පති - ආදරය පිරෙව්වනම් ඇතුළු වෙන්නේ නෑ
03:53
Video thumbnail
දොඩම්ගොඩදී වාහන 5ක් ගැටී බිහිසුණු අනතුරක් - මෙන්න දැන් ලැබුණු දර්ශන
00:44