Fly high Get bonus Aviator Phone

ඩෙල්ටා පිලිබඳ රජයේ වෛද්‍ය නිලධාරීන්ගෙන් දැඩි හෙළිදරව්වක්

ඩෙල්ටා ප්‍රභේදය ශීඝ්‍ර පැතිර යෑම නිසා රට මුහුණදී ඇති දැඩි අවදානම නිවැරදිව තේරුම් නොගෙන, පස්වන රැල්ල සහ ඊළඟ කොවිඩ් ප්‍රභේදයට මුහුණදීමට සූදානම් නොවුණහොත්, නැවත නැවතත් රට වසා දැමීමෙන්, රටේ ආර්ථිකය මීටත් වඩා අසීරු තැනකට යන යුගයක් ඇතිවීම වැළැක්විය නොහැකි යැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අනතුරු අඟවයි.

කොවිඩ් වසංගතයේ ආරම්භයේ තිබූ වූහාන් ප්‍රභේදයට වඩා, වරින්වර ඉස්මතු වූ ඇල්ෆා සහ ඩෙල්ටා ප්‍රභේදයන් ආරම්භක ප්‍රභේදයට වඩා දරුණු වූ බැවින්, අනාගතයේදී මීට වඩා දරුණු ප්‍රභේදයන් ඇතිවිය හැකි බවට අනුමාන කළ හැකි යැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අවධාරණය කරයි.

වූහාන් ආරම්භක කොවිඩ් ප්‍රභේදයේ Ro අගය 2.3 – 2.7ත් අතර වූ බවත්, ඇල්ෆා ප්‍රභේදයේ Ro අගය 4.5ක් වූ අතර දැනට ශ්‍රී ලංකාවේ පැතිර යන ඩෙල්ටා ප්‍රභේදයේ Ro අගය 5 – 8ක් අතර වන බව එම සංගමයේ ලේකම් වෛද්‍ය සෙනාල් ප්‍රනාන්දු පෙන්වා දෙයි.

රෝගය වැළඳුණු එක් පුද්ගලයෙකුගෙන් දළ වශයෙන් තවත් නිරෝගී පුද්ගලයන් කීදෙනෙකුට වෛරසය පැතිරී රෝගය වැළඳේ ද යන්න පිළිබඳ විද්‍යාත්මකව නිර්ණය කරන අගය Ro යනුවෙන් හැඳින්වෙන අතර, ඒ අනුව දැනට රට පුරා පැතිර යමින් පවතින ඩෙල්ටා ප්‍රභේදය වැළඳෙන එක් අයෙකුගෙන් නිරෝගී පුද්ගලයන් 5 – 8ත් අතර සංඛ්‍යාවක් කොවිඩ් රෝගීන් වන බව හෙතෙම පෙන්වා දෙයි.

වූහාන් ප්‍රභේදයට වඩා ඇල්ෆා ප්‍රභේදය ද ඉන්පසු ඩෙල්ටා ප්‍රභේදය ඇතිවීමත් සමග සිදුවන මරණ අනුපාතික ඉහළ යෑමක් දැක ගැනීමට හැකිවූ බව ද වෛද්‍ය සෙනාල් ප්‍රනාන්දු සඳහන් කරයි.

මෙම වෛරස් ප්‍රභේදවල දරුණුවීමත් සමග පළමු රැල්ලට වඩා දරුණු දෙවන රැල්ලක් ද දෙවන රැල්ලට වඩා පාලනයට අපහසු වූ තුන්වන රැල්ලකට ද ඊටත් වඩා දරුණු වූ හතරවන රැල්ලකටත් අපට අද වනවිට මුහුණදීමට සිදුවී ඇතැයි වෛද්‍ය සෙනාල් ප්‍රනාන්දු පවසයි.

කොවිඩ් පාලනය කර ගැනීම සඳහා සෞඛ්‍ය පුරුදු අකුරට ම ක්‍රියාත්මක කළ යුතු අතර සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ජනතාව සෞඛ්‍ය පුරුදුවලට යොමු කරවීමේ දීපව්‍යාප්ත වැඩපිළිවෙළක් කඩිනමින් ක්‍රියාවට නැංවීමට පියවර ගත යුතුව ඇතැයි ද වෛද්‍ය සෙනාල් ප්‍රනාන්දු සඳහන් කරයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ටීචර් අම්මාගෙ කෙරුම්කාරම්වකට ලක් වූ තරුණයාට ශරීර ඇප මත මුදාහරින ලෙස නියෝග
01:48
Video thumbnail
සියලුම ජනමාධ්‍යවේදීන්ට ආසිරි පතා කිරිවෙහෙර හීදී පැවැත්වූ විශේෂ පූජාව
01:11
Video thumbnail
හල්ලොලුවට වෙ# තැබීම කුමන්ත්‍රණයක් ? - අජිත්ගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්
32:55
Video thumbnail
හර්ෂණ ලෙසටම ආණ්ඩුවට දෙසයි
08:07
Video thumbnail
ජාතික රණවිරු සැමරුමට එන්නෑ කියූ ජනපති, එන්න තීරණය කරයි
02:29
Video thumbnail
කොටහේන වෙ#ඩි තැබීමේ සිද්ධියේ සැකකරුවන් මාට්ටු
01:21
Video thumbnail
සෙල්ලම් බඩු ආනයනය රටට අත්‍යාවශ්‍ය නෑ
05:31
Video thumbnail
ෆන් එක ඔයාලා ගන්න හැබැයි පරිස්සමින්
01:08
Video thumbnail
මෙරට අලි - ඇතුන් ඝා#නය කිරීමට එරෙහිව මහජන පෙත්සමක්
02:33
Video thumbnail
‍රංජිත් මද්දුමබණ්ඩාරට යකා ආවේශ වෙයි - ඇයි අපේ සාකච්ඡා කඩාකප්පල් කරන්නද හදන්නේ
01:43

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

?