ඩෙල්ටා පිලිබඳ රජයේ වෛද්‍ය නිලධාරීන්ගෙන් දැඩි හෙළිදරව්වක්

ඩෙල්ටා ප්‍රභේදය ශීඝ්‍ර පැතිර යෑම නිසා රට මුහුණදී ඇති දැඩි අවදානම නිවැරදිව තේරුම් නොගෙන, පස්වන රැල්ල සහ ඊළඟ කොවිඩ් ප්‍රභේදයට මුහුණදීමට සූදානම් නොවුණහොත්, නැවත නැවතත් රට වසා දැමීමෙන්, රටේ ආර්ථිකය මීටත් වඩා අසීරු තැනකට යන යුගයක් ඇතිවීම වැළැක්විය නොහැකි යැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අනතුරු අඟවයි.

කොවිඩ් වසංගතයේ ආරම්භයේ තිබූ වූහාන් ප්‍රභේදයට වඩා, වරින්වර ඉස්මතු වූ ඇල්ෆා සහ ඩෙල්ටා ප්‍රභේදයන් ආරම්භක ප්‍රභේදයට වඩා දරුණු වූ බැවින්, අනාගතයේදී මීට වඩා දරුණු ප්‍රභේදයන් ඇතිවිය හැකි බවට අනුමාන කළ හැකි යැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අවධාරණය කරයි.

වූහාන් ආරම්භක කොවිඩ් ප්‍රභේදයේ Ro අගය 2.3 – 2.7ත් අතර වූ බවත්, ඇල්ෆා ප්‍රභේදයේ Ro අගය 4.5ක් වූ අතර දැනට ශ්‍රී ලංකාවේ පැතිර යන ඩෙල්ටා ප්‍රභේදයේ Ro අගය 5 – 8ක් අතර වන බව එම සංගමයේ ලේකම් වෛද්‍ය සෙනාල් ප්‍රනාන්දු පෙන්වා දෙයි.

රෝගය වැළඳුණු එක් පුද්ගලයෙකුගෙන් දළ වශයෙන් තවත් නිරෝගී පුද්ගලයන් කීදෙනෙකුට වෛරසය පැතිරී රෝගය වැළඳේ ද යන්න පිළිබඳ විද්‍යාත්මකව නිර්ණය කරන අගය Ro යනුවෙන් හැඳින්වෙන අතර, ඒ අනුව දැනට රට පුරා පැතිර යමින් පවතින ඩෙල්ටා ප්‍රභේදය වැළඳෙන එක් අයෙකුගෙන් නිරෝගී පුද්ගලයන් 5 – 8ත් අතර සංඛ්‍යාවක් කොවිඩ් රෝගීන් වන බව හෙතෙම පෙන්වා දෙයි.

වූහාන් ප්‍රභේදයට වඩා ඇල්ෆා ප්‍රභේදය ද ඉන්පසු ඩෙල්ටා ප්‍රභේදය ඇතිවීමත් සමග සිදුවන මරණ අනුපාතික ඉහළ යෑමක් දැක ගැනීමට හැකිවූ බව ද වෛද්‍ය සෙනාල් ප්‍රනාන්දු සඳහන් කරයි.

මෙම වෛරස් ප්‍රභේදවල දරුණුවීමත් සමග පළමු රැල්ලට වඩා දරුණු දෙවන රැල්ලක් ද දෙවන රැල්ලට වඩා පාලනයට අපහසු වූ තුන්වන රැල්ලකට ද ඊටත් වඩා දරුණු වූ හතරවන රැල්ලකටත් අපට අද වනවිට මුහුණදීමට සිදුවී ඇතැයි වෛද්‍ය සෙනාල් ප්‍රනාන්දු පවසයි.

කොවිඩ් පාලනය කර ගැනීම සඳහා සෞඛ්‍ය පුරුදු අකුරට ම ක්‍රියාත්මක කළ යුතු අතර සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ජනතාව සෞඛ්‍ය පුරුදුවලට යොමු කරවීමේ දීපව්‍යාප්ත වැඩපිළිවෙළක් කඩිනමින් ක්‍රියාවට නැංවීමට පියවර ගත යුතුව ඇතැයි ද වෛද්‍ය සෙනාල් ප්‍රනාන්දු සඳහන් කරයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සූර්ය බලශක්ති ව්‍යාපෘතිවලට දාලා තියෙන තහංචි අයින් කරන්න - සජිත් රජයෙන් කළ ඉල්ලීම
01:46
Video thumbnail
ජලභීතිකා නව පනත තුළින් සිදුවන ගැටලු ගැන සජිත් හෙළිකරයි - තවත් සංශෝධනය කරන්න එපා
05:50
Video thumbnail
රුමේෂ්ගේ ජයග්‍රහණය ගෙදර අය කෑගහලා සමරපු හැටි - සතුටට කට්ටිය රතිඤ්ඤත් දායි
01:36
Video thumbnail
ආසියානු ක්‍රීඩා උළෙලේ හෙල්ල විසිකිරීමේ රන් පදක්කම රුමේෂ්ට - මහ වැස්සේ අපේ කොල්ලා ගැහුව ගේම
00:52
Video thumbnail
අවසරලත් පීටිකාවෙන් පිට මත්පැන් තබා සාදයක් පැවැත්වූ කොළඹ ප්‍රසිද්ධ හෝටලයක් වටලයි
01:28
Video thumbnail
මත්පෙති ජාවාරමට එරෙහිව ගමක් පාරට බහී
01:37
Video thumbnail
විලංගු දාලා නාමල්ව නවත්වන්න බෑ
01:50
Video thumbnail
අලුතින් හදපු කොන්ක්‍රීට් පාරට මාස 6ක් යන්න කළින් වුණ දේ..
02:21
Video thumbnail
බදුල්ල කතරගම දේවාලයේ අලි කුලප්පුවක්
01:07
Video thumbnail
දවස් 3ක් තිස්සේ තෙල් නෑ
00:54