ඩුබායි තාරුගේ මත්ද්‍රව්‍ය බෙදූ අඹුසැමි යුවළක් පොලිස් දැලේ – අවුරුදු තුනහමාරේ දුවත් මෝටර් රථය ඇතුළේ

ඩුබායි සිට මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවන ‘ඩුබායි තාරු’ නැමැත්තාගේ මත්ද්‍රවය විවිධ ප්‍රදේශවලට ප්‍රවාහනය කළ යුවළක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ගම්පොළ ප්‍රදේශයේ පදිංචි මෙම යුවළ අත්අඩංගුවට ගැනීමේ දී ඔවුන්ගේ අවුරුදු තුනහමාරක් වයසැති දියණිය ද මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළමෝටර් රථය තුළ සිටි බවයි පොලිසිය සඳහන් කළේ.

ගම්පොළ ප්‍රදේශයෙන් කුලී පදනම මත ලබාගත් මෝටර් රථයකින් ගම්පොළ සිට හපුගස්තලාව දක්වා මත්ද්‍රව්‍ය රැගෙන පැමිණෙන බවට ලැබුණු තොරතුරකට අනුව සිදුකළ වැටලීමක දී මෙම සැකකාර යුවළ අත්අඩංගුවට ගැනීමට හැකිව තිබෙනවා.

මෝටර් රථය පරීක්ෂා කිරීමේ දී සූක්‍ෂමලෙස රථය තුළ සඟවා තිබූ හෙරොයින් මිලිග්‍රෑම් 2480ක් සහ සැකකාර බිරිඳගේ ශරීරය පපු පෙදෙසෙහි සඟවා තිබූ අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 180ක් සොයා ගැනීමට පොලිසියට හැකිව තිබෙනවා.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ දී රථයේ රියදුරු ලෙස කටයුතු කළ සැමියා තම බිරිඳ සහ දියණිය මෝටර් රථය තුළ දමා පලාගොස් ඇති අතර, පළාගිය සැකකරු හපුගස්තලාව ප්‍රදේශයේ දී පසුව අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

31 හැවිරිදි සැකකරු සහ 28 හැවිරිදි සැකකාර බිරිඳට ‘ඩුබායි තාරුගේ’ ගෝලයකු විසින් ලබාදෙන හෙරොයින් හා අයිස් මත්ද්‍රව්‍ය සුරක්ෂිතව ප්‍රවාහනය කර අදාළ ස්ථානවල සඟවා එම ස්ථාන ඡායාරූපගත කොට වට්සැප් ඔස්සේ ඩුබායි තාරුට යවා ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

සැකකාර අඹුසැමි යුවළ පොලිසිය හමුවේ අනාවරණය කර ඇත්තේ මෙම එක් ගමන් වාරයක් සඳහා රුපියල් 25,000 සිට 40,000 දක්වා මුදලක් තමන්ට ලබා දුන් බවත්, කුඩා දියණිය ද රථය තුළ රැගෙන යන්නේ පරීක්ෂාවකදී පොලිස් නිලධාරීන්ට සැක ඇතිවීම වැළැක්වීම සඳහා බවයි.

එමෙන්ම සැකකරු තදින් මත්ද්‍රව්‍යට ඇබ්බැහි වූවකු බවත් මූලික පරීක්ෂණවල දී හෙළි වී තිබෙනවා



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේසංවේදී වූ මෛත්‍රිපාල සිරිසේන - මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ..
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16
Video thumbnail
සූර්ය බලශක්තියට ආණ්ඩුව ගත් පියවරට චෝදනා? ප්‍රජාතන්තිකරණයට ඉතා හානිවන සූක්ෂම සැලැස්මක් මේ
09:35
Video thumbnail
ඉදිරියේදී 20%ක විතර විදුලි බිල වැඩිවෙනවා ?ඩීසල්වලින් රු.70ක් අඩුවෙනවලු..මේවා ගෙවන්නෙත් අපිනේ
09:13
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51