ඩෑන් ප්‍රියසාද් මැරූ සැබෑ වෙඩික්කරු කතක් සමඟ අල්ලයි

ඩෑන් ප්‍රියසාද් වෙඩි තබා ඝාතනය කළ සිදුවීමේ වෙඩික්කරු ලෙස කටයුතු කළ පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කෑගල්ල කොට්ඨාස අපරාද විමර්ශන ඒකකය විසින් මෙම වෙඩික්කරු අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති සැකකරු 42 හැවිරිදි වියේ පසුවන වැලිඔය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

ඔහු හිටපු යුද හමුදා සෙබළෙක් බවයි වාර්තා වන්නේ.

නාඳුනන යුවළක් කෑගල්ල නගරයේ වසා දමා තිබෙන සමාජ ශාලාවක දිගු කලක් නවාතැන් ගෙන මත්ද්‍රව්‍ය ජාවාරම් සිදුකරන බවට කෑගල්ල කොට්ඨාස අපරාද විමර්ශන ඒකකයට තොරතුරක් ලැබී තිබෙනවා.

ඒ, අනුව එම ස්ථානය වැටලීමේදී සැකකරු සමඟ තවත් කාන්තාවක් ද අත්අඩංගුවට ගෙන ඇත්තේ.

සැකකරුගෙන් කළ ප්‍රශ්න කිරීමේදී අනාවරණය වී ඇත්තේ දික්පිටිගොඩ ළහිරු සහ පලනි රිමෝශන්ගේ උපදෙස් මත ඩෑන් ප්‍රියසාද් වෙඩි තබා ඝාතනය කළ බවයි.

ඊට අමතරව මහබාගේ ප්‍රදේශයේ දී වැල්ලේ සාරංග නැමැත්තාගේ උපදෙස් මත පුද්ගලයෙකු ඝාතනය කිරීමට ගොස් එම අවස්ථාවේ දී ගිනි අවිය ක්‍රියාත්මක නොවී එම අපරාධය ව්‍යාර්ථ වූ බව සැකකරු පොලිසිය හමුවේ පවසා තිබෙනවා.

සැකකරු සතුව තිබී හෙරොයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 12කට වැඩි ප්‍රමාණයක් සහ කාන්තාව සතුව අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 04යි මිලිග්‍රෑම් 400ක් ද සොයාගෙන තිබෙනවා.

පොලිස් නිලධාරීන් විසින් සැකකරු රැඳී සිටි වසා දමා තිබූ රාත්‍රී සමාජශාලාව පරීක්ෂා කිරීමේදී එහි තිබී විදෙස් රටක නිෂ්පාදිත දුම්වැටි කාටුන් හැටදෙකක්, ගජමුතු බවට සැක කෙරෙන පහක් සොයා ගැනීමටයි හැකිව ඇත්තේ.

මේ අතර ඩෑන් ප්‍රියසාද්ට වෙඩි තබා ඝාතනය කළ වෙඩික්කරු බවට සැකපිට පුද්ගයෙක් පසුගිය මැයි මාසයේ දී අත්අඩංගුවට ගනු ලැබුවා.

ඩෑන් ප්‍රියසාද් කොළොන්නාව, සාලමුල්ල මහල් නිවාස සංකීර්ණයේ දී පසුගිය අප්‍රේල් 22 වනදා රාත්‍රියේ වෙඩි තබා ඝාතනය කෙරුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
5
+1
0
+1
2
+1
2
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිටපු ජනපති මහින්දගේ අතින් විවෘත වුණ සාමාධි පිළිමය - දිලිත්, රෝහිත ඇතුළු ප්‍රබලයින් රැසක්ම එයි
04:17
Video thumbnail
සිනහ මුසු මුහුණින් මහින්ද රාජපක්ෂ ආණ්ඩුවට දුන්නු උත්තරේ...
00:38
Video thumbnail
හෝමාගමට එද්දී හැමෝම ෆෝන් එක උස්සද්දී නාමල් රාජපක්ෂ පුදුමයට පත්වෙයි..
01:39
Video thumbnail
හිටපු ජනපති මහින්දගෙන් ආණ්ඩුවේ ගමන ගැන සැර කතාවක් - "මට තේරෙන්නේ නෑ මෙයාලගේ විසඳුම්"
01:04
Video thumbnail
අසිතගේ ප්‍රකාශයට හිටපු ඇමති බන්දුලගෙන් සැර කතාවක් - මන්ත්‍රීලා තේ හදන අයගේ තත්ත්වයට වැටිලා
03:27
Video thumbnail
හෙල්මට් චණ්ඩි වත්තල හෝටලයකට ඇවිත් කඩුවකින් සෙල්ලම් දාලා ගිය හැටි
02:00
Video thumbnail
අධිකරණයට අත නොතබනු.. මහජන පෙත්සම අත්සන් කිරීම අරඹයි...
02:13
Video thumbnail
සජිත්ගෙන් සෞඛ්‍යය ඇමතිට සැර සත්තමක් - රෝහලේ වෛද්‍යවරයෙක් නෑ..රෝහල වැසී යන තැනට වැටිලා
05:44
Video thumbnail
බෙල්ලන්විල වෙ#ල්ලේ සැකකරුවන් දෙදෙනෙක් කොටුවෙයි - ජංගම දුරකථනයේ තිබී හඬ පටත් හමුවෙයි
01:48
Video thumbnail
පදමට බීලා තරුණියන් දෙදෙනෙකු අනතුරට ලක්කළ OIC අත්අඩංගුවට - මෝටර් රථයෙන් පලා යමින් ඉදලා
01:12