ටියුනීසියාව ආසන්න මුහුදේ සංක්‍රමණික යාත්‍රා දෙකක් අනතුරට ලක්වෙයි

ටියුනීසියාවේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් අනවසර සංක්‍රමණිකයන් රැගත් බෝට්ටු දෙකක් අනතුරට ලක්වීමෙන් පුද්ගලයන් 27 දෙනෙකු මිය ගොස් හෝ අතුරුදහන් වී ඇතැයි විදෙස් මාධ්‍ය පවසනවා.

එක් බෝට්ටුවක් සිකුරාදා ටියුනීසියාවෙන් ඉතාලිය බලා පිටත් වූ අතර එහි 37 දෙනෙකු ගමන් කරමින් සිටි බවයි සඳහන් වන්නේ.

20 දෙනෙකු අතුරුදහන් වී ඇති අතර 17 දෙනෙකු බේරාගෙන ඇති බව ටියුනිසියාවේ ප්‍රකාශකයෙක් හෙළිකර තිබෙනවා.

සෙනසුරාදා, දෙවන බෝට්ටුව ගිලී යාමෙන් පසු මළ සිරුරු හතරක් වෙරළ තීරයකින් සොයා ගනු ලැබුවා.

දෙවන බෝට්ටුවේ සිටි තිස් හය දෙනෙකු බේරාගෙන ඇති අතර තිදෙනෙකු අතුරුදහන් වී ඇති බවයි වාර්තා වන්නේ.

මාර්තු මාසය ආරම්භයේ සිට, ටියුනීසියාවට ඔබ්බෙන් අවම වශයෙන් එවැනි බෝට්ටු අනතුරු හතක් සිදුවී ඇති අතර, පුද්ගලයන් 100 ක් පමණ මිය ගොස් හෝ අතුරුදහන් වී තිබෙනවා.

ටියුනීසියානු වෙරළ තීරයේ කොටස් ඉතාලි දූපතක් වන ලැම්පෙඩුසා සිට කිලෝමීටර 150 ක් පමණ දුරින් පිහිටීම හේතුවෙන් ප්‍රධාන ගොඩබිමට හරස් මාර්ගයක් ලෙස ඒ ආසන්න මුහුදු තීරය නිරන්තරයෙන් භාවිතා වනවා.

මැදපෙරදිග මෙන්ම අප්‍රිකාවේ ගැටුම් සහ දරුණු දරිද්‍රතාවය හමුවේ පලා යන යුරෝපයේ රටවල වඩා හොඳ ජීවිතයක් සොයන මිනිසුන්ගේ ප්‍රධාන පිටවීමේ මධ්‍යස්ථානයක් ලෙස ටියුනීසියාව, ලිබියාව හරහා ඉතාලියට යාම සාමාන්‍ය සිදුවීමක්.

මේ වසරේ මුල් මාස තුන තුළ, සංක්‍රමණිකයන් 14,000 කට වැඩි පිරිසක් (ඔවුන්ගෙන් වැඩි දෙනෙක් උප සහරා අප්‍රිකාවේ සිට) ටියුනීසියාවේ සිට යුරෝපයට පැමිණීමට උත්සාහ කිරීමේදී අත්අඩංගුවට ගෙන ඇති බව වෙරළාරක්ෂක බලකාය පවසනවා.

එම සංඛ්‍යාව පසුගිය වසරේ අදාළ කාලයට වඩා පස් ගුණයකින් වැඩි බව සඳහන්.

සංක්‍රමණිකයන් බොහෝ විට අනාරක්ෂිත යාත්‍රාවල ප්‍රවාහනය කිරීම සඳහා මිනිස් ජාවාරම්කරුවන් වෙත විශාල මුදලක් ගෙවනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
21 විපක්ෂ රැළියට අපිට ආරාධනා කළේ නෑ..මුන්ගේ තියෙන ආඩම්බරකම
02:27
Video thumbnail
මහින්ද ජයසිංහ, දැක්කොත් බුවා නොදැක්කොත් එබුවා
07:50
Video thumbnail
බොරු කියන ටොම් පචයන්ගේ ආණ්ඩුවක් පෙරළීමේ චේතනාවක් තුන් හිතකවත් නෑ..
04:41
Video thumbnail
කතාකරන්න දෙයක් නෑ යකෝ - දීපන් මගේ සල්ලී..Showroom එකක් ඇතුළේ යකා නටපු හැටි..
02:21
Video thumbnail
මෙයාලා අමු දූ#ෂිතයෝ - ලෝක හොරකමක්
25:04
Video thumbnail
ආණ්ඩුව දැන් තමයි හොරකම් කරන්න ඉගෙනගන්නේ
21:19
Video thumbnail
මත්ද්‍රව්‍ය ප්‍රශ්නයට තිත තියන්න ආනන්දගෙන් පියවර රැසක්..බැරෑරුම් පැත්තට උඩු දුවලා
10:20
Video thumbnail
RDA එකෙන් ඇවිත් මුළු ගමක්ම සුන්නද්දූලි කරයි..
00:25
Video thumbnail
ගුරු සංවර්ධන නිලධාරීන් ජනාධිපති ලේකම් කාර්යාලය වටලයි
00:36
Video thumbnail
ගුරු සංවර්ධන නිලධාරීන් ජනාධිපති ලේකම් කාර්යාලය වටලයි..දැඩි පොලිස් ආරක්ෂාවක් දාලා
01:51


?