නුවරඒළියේ සිට කොත්මෙල් ජලාශය දක්වා ජලය ගලා බසිනා නානුඔය ඇලේ දිය නෑමට ගිය තරුණයින් දෙදෙනෙක් දියේ ගිලි (05) දින ජීවිතක්ෂයට පත් වී අති බව නානුඔය පොලිසිය පවසනවා.
මෙලෙස දියේ ගිලි ජීවිතක්ෂයට පත් වී ඇත්තේ නානුඔය ඒඩිම් බරෝ වත්තේ පදිංචි 23 හැවිරිදි සහ හපුතලේ පදිංචි 24 හැවිරිදි තරුණයින් දෙදෙනෙක්.
හපුතලේ සිට නානුඔය ඒඩ්ම්බරො වත්තේ ඥාති නිවසකට පැමිණි තරුණයා පවුලේ සාමාජිකයන් කිහිප දෙනෙකු සමග රදැල්ල ග්ලාස්ගෝ වතුයායේ නානුඔය ඇළට බැස දිය නාමින් සිටියදී හපුතලේ සිට පැමිණි තරුණයා දියේ ගිලි අතුරුදහන් වීමත් සමග ඒම තරුණයා බේරා ගැනිමට දියට පැන්න අනිත් තරුණයාද දියේ ගිලි අතුරුදහන්ව ඇති බවයි වාර්තා වන්නේ.
පසුව පොලිසිය සහ ප්‍රදේශවාසීන් එක්ව කළ සෝදිසි මෙහෙයුම්වලදී එම තරුණයින් දෙදෙනාගේ සිසුරු අසළ වලක තිබී සොයා ගැනීමට හැකිව තිබෙනවා.













