ජී.එල්.පීරිස්ට ලැබුණු ආරාධනාව

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති ධුරය දැරූ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී.එල්. පීරිස් එම ධුරයෙන් ඉවත් කල පසු නැවතත් එම ධුරය භාරගන්නා ලෙස පක්ෂයෙන් ආරාධනාවක් ලැබී තිබෙනවා.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණින් කරන ලද එම ආරාධනයට පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී.එල්. පීරිස් මෙතෙක් ප්‍රතිචාරයක් දක්වා නැහැ.එම පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් පසුගියදා කියා සිටියේ පාර්ලිමේන්තු මහාචාර්ය ජී.එල්. පීරිස් පක්ෂයේ සභාපති ධුරයෙන් ඉවත් කළ බවය. නමුත් මහාචාර්යවරයා කියා සිටියේ තමන් පක්ෂයේ සභාපති ධුරයෙන් ඉවත් කළ බවට කිසිදු දැනුම්දීමක් කර නොමැති බවයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණින් කරන ලද එම ආරාධනයට පාර්ලිමේන්තු මන්ත්‍රි මහාචාර්ය ජී.එල්. පීරිස් මෙතෙක් ප්‍රතිචාරයක් දක්වා නැත.