වැල්ලවාය – ඇල්ල මාර්ගයේ තිබී මිනිස් හිසක් හමුවෙයි

ඇල්ල වැල්ලවාය මාර්ගයේ වැල්ලවාය පොලිස් බල ප්‍රදේශයට අයත් තුනේ කණුව ප්‍රදේශයේ තිබී කද නොමැති මිනිස් හිසක් සොයාගෙන තිබෙනවා.

මාර්ගය අසල කැලෑ ප්‍රදේශයේ තිබී මෙම මිනිස් හිස සොයාගෙන ඇති අතර එම හිස සම්බධයෙන් නිශ්චිත තොරතුරක් මේ වන තෙක් අනාවරණය වී නැහැ.

සිද්ධිය සම්බන්ධයෙන් වැල්ලවාය පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් මේ වන විට විමර්ශන ආරම්භකර තිබෙනවා.