ඉන්දියාවේ ප්‍රාන්ත මන්ත්‍රීවරයෙක්ට පහරදුන් අයෙක් වැලිගම දී අත්අඩංගුවට

මෙරට සංචාරය සඳහා පැමිණ සිටි ඉන්දියාවේ ඉන්දියාවේ හයිද්‍රාබාද් ප්‍රාන්තයේ ප්‍රාන්ත මන්ත්‍රීවරයෙක්ට, තවත් පුද්ගලයෙක්ට සහ ඔවුන් ගමන් ගත් වෑන් රථයට පහර දුන් බව කියන පුද්ගලයෙක් වැලිගම මූලස්ථාන පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අදාළ ප්‍රාන්ත මන්ත්‍රීවරයා ඇතුළු පිරිසක් මෙරට සංචාරය සඳහා ඉකුත් 03 වෙනිදා පැමිණ ඇති අතර එම පිරිස කුලී වෑන් රථයකින් විවිධ ප්‍රදේශවල සංචාරය කොට පසුගිය 06 දින වැලිගම ප්‍රදේශයට පැමිණ ප්‍රසිද්ධ සංචාරක හෝටලයක නවාතැන් ගෙන සිට තිබෙනවා.

පසුදින පස්වරුවේදී එම පිරිස වැලිගම වෙනත් හෝටලයකට ගොස් නැවත ලැඟුම් ගෙන සිටි හෝටලයට වෑන් රථයෙන් පැමිණෙමින් සිටියදී ගාල්ල – මාතර ප්‍රධාන මාර්ගයේ වැලිගම, පැලෑන වටරවුම ආසන්නයේදී ලොරි රථයක් නිසා මාර්ගය හරස්වීම හේතුවෙන් එම අවස්ථාවේදී ඉන්දියානු ජාතිකයන් පැමිණි වෑන් රථය නවතාගෙන සිට ඇති බවයි පොලිසිය පවසන්නේ.

එහිදි යතුරුපැදියකින් පැමිණි පුද්ගලයෙක් වෑන් රථයට පහරදී ඇති අතර එම අවස්ථාවේ වෑන් රථයේ සිටි ඉන්දියාවේ හයිද්‍රාබාද් ප්‍රාන්තයේ ප්‍රාන්ත මන්ත්‍රීවරයා ඇතුළු පිරිස වෑන් රථයෙන් බැස එම පුද්ගලයා අසලට ගමන් කිරිමේදි අදාළ යතුරුපැදියෙන් පැමිණි පුද්ගලයා විසින් ඔවුන්ට ආරක්ෂක හිස් වැසුමෙන් සහ යකඩ පොල්ලකින් පහරදී ඇති බවයි වාර්තා වන්නේ.

මේ පිළිබඳව ඉන්දියානු ජාතිකයන් පිරිස වැලිගම මූලස්ථාන පොලිසිය වෙත පැමිණිලි කොට ඇති අතර ඒ අනුව පහරදීමට සම්බන්ධ සැකකරු අත්අඩංගුවට ගැනීමට වැලිගම මූලස්ථාන පොලිසිය මගින් විමර්ශන ආරම්භ කර තිබෙනවා.

කෙසේ වෙතත්, එම සැකකරු ඊයේ (08) දින නීතීඥයෙකු මගින් පොලිසිය වෙත භාර වී තිබුණා.

එම සැකකරු වයස 33 වන මිරිස්ස ප්‍රදේශයේ ධීවරක් බවත් වැඩිදුර විමර්ශන කටයුතු අනතුරුව ඔහු අද (09) දින මාතර මහේස්ත්‍රත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මංගල හස්තිරාජාට උම්මා දීලා කෙසෙල් කවපු සජිත්
04:28
Video thumbnail
5 වසරේ ශිෂ්‍යත්වය නැතිකරන්න එපා - මේ වගේ විභාග තියන්න ඕනේ
01:26
Video thumbnail
හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරට සෙත්පතා විශේෂ බෝධි පූජාවක්
01:01
Video thumbnail
අදින් පස්සේ දරුවෝ නිදහස් - අපි පීඩාවක් දුන්නේ නෑ
02:44
Video thumbnail
අපි රෙඩී - 200න් 200ම ගන්නවා
02:22
Video thumbnail
එදා ඉක්මන් වුණානම් අද ජෙනරල් කොබ්බෑකඩුව ජීවත් වෙනවා - යුනිෆෝම් දෙකටම අද ලොකු අභියෝගයක්
06:15
Video thumbnail
නොකියපු දෙයක් කිව්ව හැටියට පෙන්නලා ද#යම් කරන්න යන්නේ - අපිටත් වැලේ වැල් නෑ - රටටත් වැලේ වැල් නෑ
01:56
Video thumbnail
වලපයයි ගොඩපයයි ඉන්න හෙංචයියෝ පොලිස්පති කරයි - ශානිගේ උසස්වීම ගැන විමල්ගෙන් සැර සද්දයක්
03:42
Video thumbnail
කෝවිලේ බුදු පිළිමයක් තැබීමට යාමේදී නොසන්සුන්තාවක්
00:38
Video thumbnail
තරුණ කටයුතු නි.ඇමතිට ඇන්ටිලා දුන්න ටෝක් එක ?
00:44