හෙට සහ අනිද්දා දිවයින පුරා ග්‍රාම නිලධාරින් ලෙඩ වෙයි

වෘත්තීය ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් දිවයින පුරා ග්‍රාම නිලධාරින් හෙට (10) සහ අනිද්දා (11) යන දෙදින තුළ අසනීප නිවාඩු වාර්තා දමා සේවයට වාර්තා නොකර සිටීමට තීරණය කළ බව, ග්‍රාම නිලධාරී වෘත්තිය සමිති සන්ධානය පවසනවා.

ග්‍රාම නිලධාරීන් සඳහා වෙන්කර ඇති රුපියල් 600ක ගමන් වියදම් දීමනාව වසර 08ක් පුරාවට වැඩි නොකරමින් කටයුතු කරන බවට පෙන්වා දෙන එම සන්ධානයේ සභාපති නන්දන රණසිංහ පෙන්වා දෙනවා.

2024 වසරේ දී අදාළ දීමනාව සඳහා ඉන්ධන ලීටර් 20කට සමාන දීමනාවක් ලබාදීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී නමුත්, මේ දක්වා එය ලබා නොදීමට හේතුවෙන් මෙලෙස ඉදිරි දිනයන් දෙකේදී මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට පිවිසෙන බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වසර දෙක තුළ තේ කර්මාන්තයේ දැවැන්ත කඩා වැටීමක් - මිලියන 400ක ඉලක්කයට යනවා කියන්නේ හීනයක්
08:14
Video thumbnail
රාජගිරිය ප්‍රදේශයට ඇදහැලෙන මහ වැස්ස
01:56
Video thumbnail
බොහෝ ස්ථානවලට අදත් ගිගුරුම් සහිත තද වැසි - කැළඹිලි ස්වාභාවය හෙට දිවයිනෙන් ඉවතට
04:25
Video thumbnail
රුමේෂ් තරංග සංවේදී වී කිව්ව දේ - වෙනදා වගේ සතුටින් නෙවෙයි එළියට ආවේ..ඇත්තටම දුකයි
01:58
Video thumbnail
කොටි නැගිටිනවා කිව්ව අයයි අපි කොටි කිව්ව ඔක්කොම එක වේදිකාවේ එකතු වුණා - මන්ත්‍රීගෙන් සැර කතාවක්
04:50
Video thumbnail
හතර වටේ රැස්වීම් තියන්නේ ඡන්දයක් ළඟයිද ? - පැය 24 පුරාම ජනතාව සමඟ දිවා රාත්‍රී අපි මහන්සි වෙනවා
01:44
Video thumbnail
රුමේෂ්ගේ හෙල්ල කිහිපයකටම හානි
01:02
Video thumbnail
අහුන්ගල්ලේ "කුඩු නෝනිට" පත්තු වූ වෙ#
00:41
Video thumbnail
ගුවන් ගමනේ දී රුමේෂ්ගේ හෙල්ල කිහිපයකට හානි - රුමේෂ් තරංග දිවයිනට
01:16
Video thumbnail
අහුන්ගල්ලේ "කුඩු නෝනිට" පත්තු වූ වෙ# - ගිනි අවිය ක්‍රියාත්මක නොවීම හේතුවෙන් වෙ#ක්කරු පැන ගිහින්
00:46