වෘත්තීය ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් දිවයින පුරා ග්‍රාම නිලධාරින් හෙට (10) සහ අනිද්දා (11) යන දෙදින තුළ අසනීප නිවාඩු වාර්තා දමා සේවයට වාර්තා නොකර සිටීමට තීරණය කළ බව, ග්‍රාම නිලධාරී වෘත්තිය සමිති සන්ධානය පවසනවා.
ග්‍රාම නිලධාරීන් සඳහා වෙන්කර ඇති රුපියල් 600ක ගමන් වියදම් දීමනාව වසර 08ක් පුරාවට වැඩි නොකරමින් කටයුතු කරන බවට පෙන්වා දෙන එම සන්ධානයේ සභාපති නන්දන රණසිංහ පෙන්වා දෙනවා.
2024 වසරේ දී අදාළ දීමනාව සඳහා ඉන්ධන ලීටර් 20කට සමාන දීමනාවක් ලබාදීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී නමුත්, මේ දක්වා එය ලබා නොදීමට හේතුවෙන් මෙලෙස ඉදිරි දිනයන් දෙකේදී මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට පිවිසෙන බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.













