ජර්මනියේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් මෙරටට

ජර්මානු පාර්ලිමේන්තුවේ දකුණු ආසියානු පාර්ලිමේන්තු කණ්ඩායමට අයත් නියෝජිත පිරිසක් දෙරට අතර පාර්ලිමේන්තු සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කර ගැනීමේ අරමුණින් පසුගිය 16 වැනිදා මෙරට පාර්ලිමේන්තුවේ සංචාරයක නිරත
වුණා.

ජර්මානු පාර්ලිමේන්තු මන්ත්‍රී නික්ලාස් කැපර්ගේ (Nicklas Kappe) ප්‍රධානත්වයෙන් පැමිණි නියෝජිත පිරිසට ජර්මානු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ජෙරොල්ඩ් ඔටන් (Gerold Otten), යොහාන් සාටෝෆ් (Johann Saathoff) සහ උලෙ ෂාවුස්
(Ulle Schauws) මෙම පිරිසට ඇතුළත් වුණා.

එමෙන්ම නියෝජිත පිරිස සමඟ ශ්‍රී ලංකාවේ ජර්මානු වැඩබලන තානාපතිනි සාරා හැසල්බර්ච් (Chargé d’Affaires), පාර්ලිමේන්තු ලේකම් කාර්යාලයේ කාර්ය මණ්ඩල සාමාජික කැට්රීනා බියෙනර්ට් (Katerina Bienert) සහ දේශපාලන කටයුතු පිළිබඳ ජ්‍යෙෂ්ඨ උපදේශිකා ධාරිණී දළුවත්ත (Dharini Daluwatte) ද එක්ව සිටියා.

නියෝජ්‍ය කථානායක වෛද්‍ය රිස්වි සාලි විසින් නියෝජිත පිරිස උණුසුම් අයුරින් පිළිගත් අතර අනතුරුව එම නියෝජිත පිරිස ශ්‍රී ලංකා – ජර්මානු පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සාමාජිකයින් සමඟ දිවා භෝජන සංග්‍රහයකට ද එක්වුණා.

ශ්‍රී ලංකා – ජර්මානු පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සභාපති, අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පිරිසක් එම සාකච්ඡාවට සහභාගී වූ අතර, පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් හංස අබේරත්න ද ඊට එක්ව සිටියා.

මෙම සාකච්ඡාවේදී පාර්ලිමේන්තු ක්‍රියා පටිපාටි සහ කාරක සභා ක්‍රමය, කාන්තා දේශපාලන නියෝජනය සහ නායකත්වය ඉහළ නැංවීම, ස්ත්‍රී පුරුෂ සමාජභාවීය සමානාත්මතාවය තහවුරු කිරීම මෙන්ම දේශපාලන ක්‍රියාවලියට තරුණ පරම්පරාවේ
වැඩි දායකත්වයක් ලබාගැනීම කෙරෙහි අවධානය යොමු විය. අවංකභාවය සහ නීතියට ගරු කිරීම සම්බන්ධයෙන් තරුණ තරුණියන් අතර වර්ධනය වෙමින් පවතින උනන්දුව පිළිබඳව ද දෙපාර්ශ්වය විසින් අදහස් හුවමාරු කර ගනු ලැබුවා.

වාර්ගික හා ආගමික ගැටලු විසඳීම සහ සියලු ප්‍රජාවන් අතර විශ්වාසය ගොඩනැංවීමේ වැදගත්කම පිළිබඳව ද මෙහිදී අවධානය යොමු වුණා.

දිවා භෝජන සංග්‍රහයෙන් අනතුරුව, නියෝජිත පිරිස අමාත්‍යාංශීය උපදේශක කාරක සභා ත්‍රිත්වයක් සහ ආංශික අධීක්ෂණ කාරක සභා ද්විත්වයක් සමඟ ඒකාබද්ධ සාකච්ඡාවකට එක් වුණා.

ඒ අනුව මෙම සාකච්ඡාවට බලශක්ති කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව, මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව, විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව, ආර්ථික සංවර්ධනය සහ අන්තර්ජාතික සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව සහ යටිතල පහසුකම් සහ උපාය මාර්ගික සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව යන කාරක සභා සම්බන්ධ වුණා.

ආර්ථික සංවර්ධනය සහ අන්තර්ජාතික සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රීනි නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර සහ යටිතල පහසුකම් හා උපායමාර්ගික සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක
සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර් ඇතුළු එම කාරක සභා නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් ද මෙම සාකච්ඡාවට සහභාගී වී සිටියා.

එමෙන්ම අධ්‍යක්ෂ (ව්‍යවස්ථාදායක සේවා) එම්. ජයලාත් පෙරේරා මහතා ඇතුළු පාර්ලිමේන්තු නිලධාරීහු පිරිසක් ද
එක්ව සිටියා.

ජර්මානු පාර්ලිමේන්තු නියෝජිත පිරිස විසින් හඳුනාගෙන තිබූ උනන්දුවක් දක්වන ක්ෂේත්‍රවලට අදාළව, අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් වන කරුණු පිළිබඳව සාකච්ඡා කිරීමේ අරමුණින් මෙම සාකච්ඡාව පවත්වන ලදී. අදාළ කාරක සභාවල ප්‍රධාන
කාර්යභාරයන්, වත්මන් ක්‍රියාකාරකම් සහ උපායමාර්ගික ප්‍රමුඛතා පිළිබඳව මෙහිදී අදහස් හුවමාරු කර ගැනීම සිදු වුණා.

අපද්‍රව්‍ය කළමනාකරණය, ජලය පිරිපහදු කිරීම සහ ජල සම්පාදනය , විදුලිබල හා බලශක්ති ක්ෂේත්‍රය මෙන්ම ආර්ථික හා
උපායමාර්ගික සංවර්ධනයට අදාළ දෙරටේ අත්දැකීම් පිළිබඳව ද මෙහිදී සාකච්ඡා වුණා.

මෙම හමුව ශ්‍රී ලංකාවේ සහ ජර්මනියේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතර අත්දැකීම් සහ අදහස් හුවමාරු කර ගැනීම සඳහා වැදගත් අවස්ථාවක් වූ අතර, දෙරට අතර පාර්ලිමේන්තු සංවාදය, සහයෝගීතාව සහ අන්‍යෝන්‍ය අවබෝධය තවදුරටත්
ශක්තිමත් කිරීමට ද දායක වුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දුම්රිය සාමාන්‍යාධිකාරිවරයට එරෙහිව පැමිණිල්ලක් - විශාල මූල්‍ය අලාභයක් කරලා..පාඩුව තෙගුණ වෙනවා
04:51
Video thumbnail
අනුර එදා වමට සිග්නල් දාල දකුණෙත් එහාට ගිහින් - සමාජවාදය ෆේල් - ධනය උපයන්න බෑ
07:23
Video thumbnail
සජබයත් - එජාපයත් එකට එකතු වෙනවා..අපි දකුණටත්, වමටත් නෙවෙයි - JRගේ මැද මාවතේ
05:26
Video thumbnail
මාර්ගයෙන් ඉවතට පැන කුඹුරකට වැටුණු වෑන් රථය
00:27
Video thumbnail
නාමල් ගෙනියද්දි අධිකරණය අසළ උණුසුම්
01:06
Video thumbnail
රිමාන්ඩ් වුණ නාමල් අධිකරණයෙන් එළියට ආ හැටි - අධිකරණය අසළ උණුසුම්
01:53
Video thumbnail
අනුරාධපුරයේ බැටරි බලශක්ති ගබඩා පද්ධතිය ජනපති ප්‍රධානත්වයෙන් විවෘත කරයි
01:28
Video thumbnail
මවකගේ මුවින් ජනපති ඉදිරියේ පිටවූ ආදරණීය වදන - "අනේ..මගේ පුතෙක් වගේ..පුතෙක් වගේ"
01:00
Video thumbnail
"මගේ පුතෙක් වගේ ජනාධිපතිතුමා ඔයා" - අනුරපුරේදී ජනපතිට හිමිවූ අපූරු ජනතා ආදරය..
00:39
Video thumbnail
නාමල් බලන්න ආ ප්‍රසන්නව අධිකරණයෙන් පන්නයි - මූණත් අවුල් කරගෙන ගිය හැටි
00:39