Empty Ad
AFC Banner
AFC Banner

චීනයේ අදත් පිහි ඇනුමක් – 08ක් මරුට

නැගෙනහිර චීනයේ සිදු වූ සමූහ පිහි ඇනුමකින් පුද්ගලයින් 08 දෙනෙකු මියගොස් තවත් 17 දෙනෙකු බරපතළ තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඊයේ (16) පස්වරුවේ නැගෙනහිර චීනයේ විද්‍යාල පරිශ්‍රයකදියි මෙම පිහි ඇනුම සිදු ව ඇත්තේ.

චීනය තුළ පසුගිය කාල වකවානුව තුළ මෙවැනි අපරාධ වාර්තා වූ බවත් මෙම සිදුවීම එහි නවතම දිගහැරුමක් වී ඇති බවත් චීන පොලිසිය පවසනවා.

පොලිස් ප්‍රකාශකට අනුව, Yixing නගරයේ Wuxi වෘත්තීය කලා හා තාක්ෂණ ආයතනයේ දී පස්වරු 6.30ට පමණ මෙම ප්‍රහාරය සිදු ව ඇති බවයි වාර්තා වන්නේ.

මෙම ප්‍රහාරයට හේතුව වී ඇත්තේ අදාළ සැකකරු මෑතකාලීන එම විද්‍යාලයෙන් උපාධියක් අපේක්ෂාවෙන් සිටි බවත් හෙතෙම් දිගින් දිගටම අසමත් වීම, ඒ හේතුවෙන් උපාධි සහතිකයක් නොලැබී සහ සීමාවාසික දඩ මුදල් ගෙවීමට සිදුවීමෙන් හෙතෙම අතෘප්තිකර මානසික මට්ටමකින් පීඩා විඳීම බවත් හෙළිව තිබෙනවා.

මේ අතර පසුගිය සතියේ දී දකුණු ෂුහායි නගරයේ ද ව්‍යායාම කරමින් සිටි පුද්ගලයින් වෙත සිය මෝටර් රථය වේගයෙන් ධාවනය කරමින් එම ස්ථානයේ දීම පුද්ගල ජීවිත 35ක් අහිමි කළ තැනැත්තා ද දැඩි මානසික ව්‍යාකූලත්වයකින් පෙළී ඇති බවත් නිරීක්ෂණය වී තිබෙනවා.

මේ හේතුවෙන් චීන රජය සමාජ මාධ්‍ය වාරණය දැඩි කිරීමට ද කටයුතු කළා.

ඔක්තෝම්බර් මාසයේදී, බීජිං හි ප්‍රාථමික පාසලක් අසල පිහි ඇනුමකින් ළමුන් තිදෙනෙකු ඇතුළු පස් දෙනෙකුට තුවාල සිදු කිරීමෙන් පසු 50 හැවිරිදි පුද්ගලයෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීමත්; සැප්තැම්බරයේ ෂැංහයි නගරයේ සුපිරි වෙළඳසැලක සිදු වූ පිහි ප්‍රහාරයකින් තිදෙනෙකු මියගිය අතර තවත් 15 දෙනෙකු තුවාල ලැබීමත්, ෂැන්ඩොං පළාතේ තායි’ආන් නගරයේ පාසලකින් පිටත සිසුන් සහ දෙමාපියන් පිරිසකට බස් රථයක් කඩා වැදීමෙන් 11 දෙනෙකු මිය ගොස් තවත් 13 දෙනෙකුට තුවාල සිදුවීම ද චීනයේ සිතමතා සිදු කරන අපරාධ ප්‍රමාණය ඉහළ ගොස් ඇති බවයි වෛද්‍ය විශ්ලේෂකයින් පවසන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඔබේ ජීවිතයට ආශිර්වාද රැගෙන ආ අයට ස්තූතිවන්ත වෙන්න
02:13
Video thumbnail
ජනපති හාල් ගැන ගන්න දෙවෙනි පියවර ගැන ජනතාව අවදියෙන්
06:12
Video thumbnail
පක්ෂයේ ගෑනු හොරු ඉන්නවා - ජනවාරි නායකයා වෙනස් වෙයි ? නලීන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කරයි
09:38
Video thumbnail
මිනිස්සුන්ගේ ගිණුම්වලට හිටි හැටියේ සල්ලි දාපු ජනපති අනුර
08:31
Video thumbnail
BMICH උපාධි ප්‍රධානෝත්සවයේ කට්ටිය යකා නටයි
03:31
Video thumbnail
මත්තලට ප්ලේන් එකක් එයි - කේක් කාලා නැටුම් නටලා පිළිගනී
04:01
Video thumbnail
නලීන් බණ්ඩාර දෙනවා දීමක් හඳුන්නෙත්තිට රම්පෙට පොරි හැලෙන්න
09:18
Video thumbnail
ආණ්ඩුවේ රෙදි ඔළුවෙන් ගලවපු කතාව
06:29
Video thumbnail
සැක පිට ඊයේ CID එකෙන් අල්ලපු මනූෂගේ සොහොයුරා ජනවාරි 06 වෙනකම් රක්ෂිත බන්ධනාගාරයට
02:12
Video thumbnail
අප්පටසිරි වෙන්න නැඟපු එළවලු මිල ගැන වෙළෙන්දෝ කියපු කතා
07:33

?