චීනයේ අදත් පිහි ඇනුමක් – 08ක් මරුට

නැගෙනහිර චීනයේ සිදු වූ සමූහ පිහි ඇනුමකින් පුද්ගලයින් 08 දෙනෙකු මියගොස් තවත් 17 දෙනෙකු බරපතළ තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඊයේ (16) පස්වරුවේ නැගෙනහිර චීනයේ විද්‍යාල පරිශ්‍රයකදියි මෙම පිහි ඇනුම සිදු ව ඇත්තේ.

චීනය තුළ පසුගිය කාල වකවානුව තුළ මෙවැනි අපරාධ වාර්තා වූ බවත් මෙම සිදුවීම එහි නවතම දිගහැරුමක් වී ඇති බවත් චීන පොලිසිය පවසනවා.

පොලිස් ප්‍රකාශකට අනුව, Yixing නගරයේ Wuxi වෘත්තීය කලා හා තාක්ෂණ ආයතනයේ දී පස්වරු 6.30ට පමණ මෙම ප්‍රහාරය සිදු ව ඇති බවයි වාර්තා වන්නේ.

මෙම ප්‍රහාරයට හේතුව වී ඇත්තේ අදාළ සැකකරු මෑතකාලීන එම විද්‍යාලයෙන් උපාධියක් අපේක්ෂාවෙන් සිටි බවත් හෙතෙම් දිගින් දිගටම අසමත් වීම, ඒ හේතුවෙන් උපාධි සහතිකයක් නොලැබී සහ සීමාවාසික දඩ මුදල් ගෙවීමට සිදුවීමෙන් හෙතෙම අතෘප්තිකර මානසික මට්ටමකින් පීඩා විඳීම බවත් හෙළිව තිබෙනවා.

මේ අතර පසුගිය සතියේ දී දකුණු ෂුහායි නගරයේ ද ව්‍යායාම කරමින් සිටි පුද්ගලයින් වෙත සිය මෝටර් රථය වේගයෙන් ධාවනය කරමින් එම ස්ථානයේ දීම පුද්ගල ජීවිත 35ක් අහිමි කළ තැනැත්තා ද දැඩි මානසික ව්‍යාකූලත්වයකින් පෙළී ඇති බවත් නිරීක්ෂණය වී තිබෙනවා.

මේ හේතුවෙන් චීන රජය සමාජ මාධ්‍ය වාරණය දැඩි කිරීමට ද කටයුතු කළා.

ඔක්තෝම්බර් මාසයේදී, බීජිං හි ප්‍රාථමික පාසලක් අසල පිහි ඇනුමකින් ළමුන් තිදෙනෙකු ඇතුළු පස් දෙනෙකුට තුවාල සිදු කිරීමෙන් පසු 50 හැවිරිදි පුද්ගලයෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීමත්; සැප්තැම්බරයේ ෂැංහයි නගරයේ සුපිරි වෙළඳසැලක සිදු වූ පිහි ප්‍රහාරයකින් තිදෙනෙකු මියගිය අතර තවත් 15 දෙනෙකු තුවාල ලැබීමත්, ෂැන්ඩොං පළාතේ තායි’ආන් නගරයේ පාසලකින් පිටත සිසුන් සහ දෙමාපියන් පිරිසකට බස් රථයක් කඩා වැදීමෙන් 11 දෙනෙකු මිය ගොස් තවත් 13 දෙනෙකුට තුවාල සිදුවීම ද චීනයේ සිතමතා සිදු කරන අපරාධ ප්‍රමාණය ඉහළ ගොස් ඇති බවයි වෛද්‍ය විශ්ලේෂකයින් පවසන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56
Video thumbnail
මේ ඵාපකර්මයට කවුරුත් හවුල් වෙන්න එපා - ජනමත විචාරණයෙන් ආණ්ඩුවට අන්ත පරාජයක් දෙන්න පුළුවන්
04:02