spot_imgspot_img

ගරිල්ලන්ගේ ග්‍රහණයේ සිටි ලිවර්පූල් පාපන්දු ක්‍රීඩකයාගේ පියා නිදහස් කෙරේ

කොලිම්බියාවේ ජාතික පාපන්දු කණ්ඩායමේ ක්‍රීඩක ලුයිස් දියාස්ගේ පියාව එරට ගරිල්ලා හමුදාව (ELN) නිදහස් කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ, පසුගියදා මෙම පාපන්දු ක්‍රීඩකයාගේ පියා වන දියාස් ව ගරිල්ලන්ගේ ග්‍රහණයට ලක් වූ බවයි.

ලිවර්පූල් ක්‍රීඩා සමාජය වෙනුවෙන් ක්‍රීඩා කරන ලුයිස්ගේ පියාව ගරිල්ලන් විසින් ඔවුන්ගේ ප්‍රාණ ඇපයෙහි තබා ගනු ලැබුවා.

ඒ මීට සති දෙකකට පමණ පෙර යි.

කොලොම්බියාවේ ජාතික විමුක්ති හමුදාව ලෙසටයි මෙම ගරිල්ලන් ව හැඳින්වෙන්නේ.

මීට පෙර ද කොලොම්බියාවේ පැවතගෙන එන අඛණ්ඩ වසර 60ක ගැටුම් මත, එම ගැටුම් හි කොටස්කාරයින් 450,000කට අධික පිරිසක් මියගොස් තිබෙනවා.

මෙම පැහැර ගැනීමට ලක් වූ ලුයිස් මැනුවෙල් දියාස් ද එම ගැටුම්වල කොටස්කාරයෙකු ලෙසයි හඳුනාගෙන ඇත්තේ.

මෙම ගැටුම් අවසන් කිරීමට කොලොම්බියානු රජය සහ ගරිල්ලන් අතර සාකච්ඡා පැවැත්වුණ ද, ඒවා අසාර්ථක වී තිබෙනවා.

කොලොම්බියානු රජය සහ ගරිල්ලන් එක් ව පසුගිය අගෝස්තු මාසයේ සිට සටන් විරාමයක් හය මාසයකට ආරම්භ කිරීමේ ප්‍රතිඵලයක් ලෙසයි පාපන්දු ක්‍රීඩකයාගේ පියාට නිදහස හිමි ව ඇත්තේ.

දියාස් ව ගරිල්ලන් විසින් සිය ග්‍රහණයට ගනු ලැබුවේ පසුගිය ඔක්තෝබර් 28 වැනි දින උතුරු ගුජිරා හි පිහිටි ග්‍රාමීය මහ නගර සභාවක් වන බැරන්කාස්හි දී යි.

ප්‍රාණ ඇපයෙන් නිදහස ලබා යළි සිය නිවසට ආ දියාස් මාධ්‍ය වෙත ප්‍රකාශ කළේ; මෙම අපහසු කාලසීමාවේ දී තමන්ට සේ ම තම පවුලට ලබා දුන් විශාල සහයෝගයට බැරන්කාස් හි සියලු ම ජනතාවටත්, කොලොම්බියාවට ආදරයත් ස්තුතියත් පුද කරන බවයි.

මේ වනවිට පාපන්දු ලීග් තරග සඳහා සිය පාපන්දු ක්‍රීඩා සමාජය සමගින් එංගලන්තයේ රැඳී සිටින ක්‍රීඩක ලුයිස් දියාස් පසුගියදා ලූටන් ටවුන් හි දී පැවති තරගයේ දී සිය කමීසය යටින් “Libertad Para Papa” (Freedom For Dad) යනුවෙන් සටහන් කරගනිමින් ක්‍රීඩා කළ අයුරු ද දක්නට ලැබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?