Empty Ad
Empty Ad
 Empty Ad

ගර්භණී ඇදුමින් සැරසී සේවය සදහා පැමිණි පාසල් ගුරුවරියකට වූ අසාධාරණය

ගර්භණී ඇදුමින් සැරසී සේවය සදහා පැමිණි පාසල් ගුරුවරියකට නැවත එම ඇදුම නොඅදින ලෙස සදහන් කරමින් හලාවත කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරයා විසින් ඇය සේවය කරන පාසලේ ලොග් සටහනක් තබා ඇති බව ලංකා ගුරු සංගමය සදහන් කරයි.

මහවැව ප්‍රදේශයේ පාසලක සේවය කරමින් සිට ඇති මෙම ගුරුවරිය ගර්භණී තත්ත්වයට පත් වීමෙන් අනතුරුව සේවා පහසුව සදහා පදිංචි නිවසට ආසන්න පාසලකට අනියුක්තියක් ලබා ගෙන ඇත.හලාවත අධ්‍යාපන කලාපය සදහා මෑතකදී පපත්වීම් ලබා පැමිණ ඇති අධ්‍යක්ෂකවරයා අධීක්ෂණ කටයුත්තක් සදහා පසුගිය දිනක එම පාසලට ගොස් ඇත.එම අවස්ථාවේදී අධ්‍යක්ෂකවරයා දැක ඇත්තේ ගර්භණී ඇදුමින් සැරසුණු ගුරුවරියක් දරුවන්ට උගන්වමින් සිටින ආකාරයයි.

අනතුරුව ගර්භණී ඇදුම වෙනුවට සාරියෙන් සැරසී පාසලට පැමිණ ඉගැන්මේ කටයුතු සිදු කරන ලෙස කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරයා විසින් එම ගුරුවරිය සේවය කරන පාසලේ ලොග් සටහනක්ද තබා ඇත.ගර්භණී ඇදුමින් සැරසී රාජකාරි සදහා පාසලට පැමිණීම හේතුවෙන් විමර්ශණයක් ආරම්භ කිරීමටද කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරයා කටයුතු කර ඇත.

මේ අතර මෙම සිද්ධිය සමාජ මාධ්‍ය ජාලාවල ඡායාරූපයක්ද සහිතව සංසරණය වී ඇත.මේ බව දැන ගෙන ඇති හලාවත කොට්ඨාසයේ අධ්‍යක්ෂකවරියක් දුරකතනයෙන් කථා කර අදාල ගුරුවරියට බැන වැදී ඇත.එම අවස්ථාවේදී ගුරුවරිය පාසල තුළම ක්ලාන්තව ඇද වැටී ඇත.
සිද්ධියට මුහුණ දී ඇති ගුරුවරියගේ සැමියා විසින් මේ බව මාදම්පේ පොලීසියට පැමිණිළි කරමින් පවසා ඇත.ඒ අනුව ගුරුවරිය සේවය කරන පාසලේ විදුහල්පතිණියට සහ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරයාට පැමිණිල්ල විභාග කිරීම සදහා පැමිනෙන ලෙස මාදම්පේ පොලීසියෙන් දැණුම් දීමක් සිදු කර ඇත.නමුත් කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරයා වෙනුවට පැමිණ ඇත්තේ වෙනත් නිලධාරියෙකි.

සිද්ධිය පොලීසියේදී සමථයකට පත්ව ඇත්තේ යොදා ඇති ලොග් සටහන ඉවත් කර ගැනීමට සහ ගුරුවරියට ගර්භණී ඇදුමෙන් රාජකාරි සදහා පැමිණීමට අවසර ලබා දීමට එකගවීමෙන් අනතුරුවය.

රාජ්‍ය නිලධාරීන්ගේ ඇදුම සම්බන්ධයෙන් රජය විසින් නිකුත් කර ඇති 08/89 දරණ චක්‍ර ලේඛණය වලංගු වන්නේ මාණ්ඩලික නිලධාරීන්ට පමණක් වන බැවින් එය පාසල් ගුරුවරුන්ට අදාල නොවන බවද ලංක ගුරු සංගමය සදහන් කරයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
9
+1
26
+1
30
+1
2
+1
35
+1
10
+1
14
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?