කෲස් නෞකාවක මාරාන්තික වෛරසයක් පැතිර යයි – දැනටමත් තිදෙනෙක් මරුට

ආර්ජන්ටිනාවේ සිට කේප් වර්ඩ් දක්වා යාත්‍රා කරමින් තිබූ එම්වී හොන්ඩියස් කෲස් නෞකාවේ පැතිර යන වෛරසයක් හේතුවෙන් එම නෞකාවේ සිටි පුද්ගලයින් තිදෙනෙක් මියගොස් තිබෙනවා.

ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ නෞකාව තුළ හැන්ටා නැමැති වෛරසය පැතිර ගොස් ඇති බවයි.

නෞකාවේදී වෛරසය ආසාදනය වූ 70 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් ශාන්ත හෙලේනා දූපතට පැමිණීමේ දී මිය ගිය බවයි දකුණු අප්‍රිකානු සෞඛ්‍ය නිලධාරීන් පවසන්නේ.

එම පුද්ගලයාගේ 69 හැවිරිදි බිරිඳ ද වෛරසය ආසාදනය වී දකුණු අප්‍රිකාවේ ජොහැන්නස්බර්ග් හි රෝහලේදී මිය ගොස් ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.

මෙම සැමියා සහ බිරිඳ ලන්දේසි යුවළක් බවයි හඳුනාගෙන ඇත්තේ.

එමෙන්ම දකුණු අප්‍රිකාවේ ජොහැන්නස්බර්ග් හි ප්‍රතිකාර ලබමින් සිටි වයස අවුරුදු 69ක බ්‍රිතාන්‍ය ජාතිකයෙකු ද එම වෛරසය හේතුවෙන් මියගොස් ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කරන්නේ.

එම්වී හොන්ඩියස් කෲස් නෞකාව මාර්තු 20 වන දින ආර්ජන්ටිනාවේ උෂුවායා සිට පිටත් වූ අතර මැයි 04 වන දින අප්‍රිකාවේ බටහිර අත්ලාන්තික් සාගරයේ පිහිටි දූපත් රාජ්‍යයක් වන කේප් වර්ඩ් හි සිය ගමන අවසන් කිරීමට අපේක්ෂාවෙන් බවයි වාර්තා වන්නේ.

මෙම නෞකාවේ මැදිරි 80ක මගීන් 170ක් සඳහා ඉඩකඩ ඇති අතර කාර්ය මණ්ඩල සාමාජිකයින් 57 ක්, මාර්ගෝපදේශකයින් 13 දෙනෙකු සහ එක් වෛද්‍යවරයෙකු ද සිටිනවා.

දකුණු අප්‍රිකානු සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පවසන්නේ වෛරසය පැතිර යන අවස්ථාවේ දී නෞකාවේ සංචාරකයින් 150 ක් පමණ සිටි ඇති බවයි.

හැන්ටා වෛරසය ආසාදන සාමාන්‍යයෙන් පාරිසරික නිරාවරණයට සම්බන්ධවන අතර, ආසාදිත මීයන්ගේ මුත්‍රා හෝ මළපහ සමඟ සම්බන්ධවී, දුර්ලභ අවස්ථාවන්හිදී මිනිසුන් අතර පැතිර යා හැකි අතර එය දරුණු ශ්වසන රෝග ඇති කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
4
+1
5
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පදමට බීලා තරුණියන් දෙදෙනෙකු අනතුරට ලක්කළ OIC අත්අඩංගුවට - මෝටර් රථයෙන් පලා යමින් ඉදලා
01:12
Video thumbnail
"කෙළින් හිටගන්නවත් බැරි තරම් බීපු පොලිස් පරීක්ෂවරයා, තරුණියන් දෙදෙනෙක් අනතුරට ලක්කර පැනලා ගිහින්"
00:55
Video thumbnail
නානා මේ... අරක මේක මට කියන්න එන්න එපා හරිද..? සඳුදා උසාවි යන්න බලාගෙන ඉන්න..
01:38
Video thumbnail
ෆ්‍රරයිඩ් රයිස් හදන්න බඩු ගේන්න ගිහින් යළි නොආ සිව්දරු මව "හිනාවෙලා අපේ හිනාවත් අරගෙන එයා ගියා"
03:54
Video thumbnail
නාමල් වෙනුවෙන් කාන්තාවෝ මහ ජන ගඟක් හෝමාගමට එයි - "අනාගත නායකයට..ජයවේවා !"
01:06
Video thumbnail
යුවතියෝ ජන ගඟක් පේලි ගැසෙමින් නාමල් රාජපක්ෂ බලන්න හෝමාගමට...
00:51
Video thumbnail
ඩෙංගු නිසා ගමක් යකා නටයි කොළොන්නාවේ උණුසුම් තත්ත්වයක් - අවු:15ක් තිස්සේ..ඔයාලා චණ්ඩිකම් දානවා
07:59
Video thumbnail
පොලිස් නිලධාරීන්ගේ මේ හැසිරීම් අනුමත කළ හැකිද..?
02:47
Video thumbnail
ජාත්‍යන්තරය ජයගත් මහේන්ද්‍ර පෙරේරා සතුට වචනවලට පෙරලුව අයුරු - OMG..Super Amazing Feeling..
02:15
Video thumbnail
"අපේ දුක දැක්කේ සජිත් මහත්තයා විතරයි" - තරුණයෙක් සහ තරුණියක් සජිත්ට දුන්නු ක්‍රෙඩිට් එක..
01:02