කොළඹ – කන්කසන්තුරේ දුම්රිය ගමනා ගමනය යළි ඇරඹෙයි

කොළඹ සහ කන්කසන්තුරේ අතර දුම්රිය ගමනාගමනය අද උදෑසන යළි ආරම්භ කෙරුණා.

ශ්‍රී ලංකා දුම්රිය සේවය පැවසුවේ කන්කසන්තුරේ බලා ධාවනය වන යාල්දේවී දුම්රිය ගල්කිස්ස දුම්රිය ස්ථානයෙන් පෙරවරු 5.10ට ගමන් ආරම්භ කර කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් පෙරවරු 5.35ට පිටත් වූ බවයි.

ඒ අනුව අද අලුයම කොළඹ කොටුවෙන් පිටත් වූ දුම්රිය පෙරවරු 10.45ට වව්නියාව දුම්රිය ස්ථානයට ළඟා වූ බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.

උතුරු මාර්ගයේ අනුරාධපුරය සහ ඕමන්ත අතර ප්‍රතිසංස්කරණය කරන ලද දුම්රිය මාර්ගය පසුගිය බ්‍රහස්පතින්දා ජනතා අයිතියට පත් කෙරුණා.

ප්‍රවාහන අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පෙරේදා (13) කොළඹ සිට යාපනය දක්වා පරීක්ෂණ දුම්රියක් ධාවනය කරමින් දුම්රිය ගමන් සේවා නිල වශයෙන් ආරම්භ කිරීමට පියවර ගනු ලැබුවා.

අනුරාධපුරය සහ ඕමන්ත අතර දුම්රිය මාර්ගයේ ප්‍රතිසංස්කරණ කටයුතු ඉන්දීය ආධාර මත ජනවාරි මාසයේ ආරම්භ වූ අතර එම නවීකරණ කටයුතු හේතුවෙන් උතුරු මාර්ගයේ දුම්රිය ධාවනය සිදු කෙරුණේ අනුරාධපුර දුම්රිය ස්ථානය දක්වා පමණයි.

ඒ අනුව මාස 6 කට පසුව ජනතාවට කොළඹ සිට යාපනයටත් යාපනයේ සිට කොළඹටත් ගමන් කිරීමේ පහසුකම අද සිට යළි හිමි වනවා.

අද දුම්රිය මාර්ගය විවෘත කිරීමත් සමඟ වායුසමීකරණය කළ සුඛෝපභෝගී මැදිරි ද පරීක්ෂණ ධාවනය සඳහා එක් කර තිබෙනවා.

ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන ප්‍රකාශ කළේ නවීකරණ කටයුතු අවසන් වීම සමග උතුරු මාර්ගයේ පැයට කිලෝමීටර් 100ක වේගයකින් ධාවනය කළ හැකි වනු ඇති බවයි.

උතුරු දුම්රිය මාර්ගයේ ප්‍රතිසංස්කරණ කටයුතු අවසන් වීම සමග කන්කසන්තුරේ සහ කොළඹ අතර ගමනාගමන කාලය පැය එකයි විනාඩි 30කින් පමණ අඩුවන බව ද ඔහු සඳහන් කර තිබෙනවා.

මේ අතර මාහෝ හන්දිය සහ අනුරාධපුරය අතර කොටසේ ප්‍රතිසංස්කරණ කටයුතු ද කඩිනමින් අවසන් කිරීමට බලාපොරොත්තු වන බවයි ප්‍රවාහන අමාත්‍යවරයා කියාසිටියේ.

මාහෝ හන්දිය සහ අනුරාධපුරය අතර දුම්රිය මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම ආරම්භ කළහොත් උතුරු මාර්ගයේ දුම්රිය ධාවනයට තවදුරටත් සීමා පැනවෙනු ඇති.

මහව සිටඕමන්ත දක්වා වූ කිලෝමීටර් 128ක දුම්රිය මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු ඉන්දියාවේ ඉර්කෝන් සමාගම විසින් සිදුකරන අතර එහි පළමු පියවර ලෙසටයි අනුරාධපුර සිට ඕමන්ත දුම්රිය ස්ථානය දක්වා ප්‍රතිසංස්කරණය සිදු කෙරුණේ.

ඒ සඳහා ඇමරිකානු ඩොර් මිලියන 91.27ක මදලක් වැයවන අතර ප්‍රතිසංස්කරණය කිරීමෙන් පසු පැයට කිලෝමීටර් 100ක වේගයෙන් දුම්රිය ගමන්කිරීමට ඉඩ කඩ සැලසෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අවුරුදු 40 ක් වෙනතුරු ත්‍රීවීල් පදින්න බෑ.. රජය ගන්න අලුත්ම තීරණය ගන ඇමති නලින් හේවගේ හෙළිකරයි.
00:07
Video thumbnail
නාමල් ආණ්ඩුවට අනතුරු අගවයි - අවු: 2ක් සද්දෙ වහලා හිටියා..ජනපති යට ගහන්න හදනවා
05:39
Video thumbnail
අවසන් මොහොතේ තම වෛද්‍යවරයා වෙනුවෙන් පවා ගී ගැයූ නන්දා මාලනිය..
00:39
Video thumbnail
නුවර වැවට පැ#න කාන්තාවක් බේරාගත් මෙහෙයුම - මොනවා වෙලාද මේ මිනිස්සුන්ට ?
02:09
Video thumbnail
නුවර වැවට ජම්ප් එකක් දැම්ම තරුණියව බේරාගන්න දිවි පරදුවට තැබූ කොල්ලෝ ටිකට රෙස්පෙක්ට්..
02:25
Video thumbnail
යතුරුපැදියක් - ලොරියක වැදී 25ස් හැවිරිදී තරුණයා එතනම එළොව යයි - බයික් එකත් කුඩේ කුඩු
00:45
Video thumbnail
කාලගුණය උඩු යටිකුරු වන ලකුණු..ඉදිරියේදී වැසි වැඩිවෙයි - සුළං තත්ත්වයේ වැඩිවීමක්
03:40
Video thumbnail
පෙරහැරේ පිටුපසින් දුටු අපූරු දසුන... පෙරහැර මැද කැමරා ඇසක් වූ දියවඩන නිලමේ
00:10
Video thumbnail
ජොන්ස්ටන් ආණ්ඩුවට රිදෙන්නම දෙසයි..මෙයාලා පට්ටපල් බොරු කිව්වේ"මහින්ද ගත්ත චෙක් කෝ දැන් "
04:38
Video thumbnail
තව ටික දවසක් බලන් ඉමු, හන්දියක් හන්දියක් ගාණේ කියපු හොරු ටික අල්ලනකල්..
00:14