කොවිඩ් ආසාදනය වන සියලු දෙනාගේ ජාන විශ්ලේෂණ කරන්නේ නෑ

කොවිඩ් ආසාදනය වන සියලු පුද්ගලයින් ජාන විශ්ලේෂණය සඳහා යොමු නොකරන බැවින් මෙරට ව්‍යාප්ත වී ඇති කොවිඩ් ප්‍රභේදවල සංඛ්‍යා දත්තවල පරස්පරතා පැවැතිය හැකි බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් පවසනවා.

ඔහු පෙන්වා දෙන්නේ මෙම තත්ත්වය හේතුවෙන් ඔමික්‍රෝන් වැනි කොවිඩ් ප්‍රභේද වැළදුණු පුද්ගලයින් පිළිබඳව නිසි දත්ත ලබා ගැනීම ගැටලු සහගත බවයි.

“අපි සාම්පල් පරික්ෂාවෙන් සොයා ගන්නා රෝගීන් සංඛ්‍යාව සෑම විටම සම්පූර්ණ සංඛ්‍යාව ලෙස ගණන් ගන්න බෑ. කොවිඩ් -19 පොසිටිව් හැටියට PCR පරීක්ෂණවලට ලක්කළ සියලුදෙනාම නැවත ජාන විශ්ලේෂණයක් කරන්නේ නෑ. එවැනි තත්ත්වයක් තුළ මේ සියලුම ඔමික්‍රෝන් ප්‍රභේද අපි හඳුනා ගන්නේ නෑ. අපිට කියන්න තියෙන්නේ මේක හැම වෙලේම කොවිඩ් ද නැද්ද කියලා. එහෙමත් නැතිනම් ඔමික්‍රෝන්ද නැද්ද කියලා ඩෙල්ටා ද නැද්ද කියලා බැලු බැල්මට පෙනෙන්නේ නෑ. ඒ වගේම තමා ඔමික්‍රෝන් ප්‍රභේදය අනිත් ප්‍රභේදයන්ට වඩා වේගයෙන් හැදෙනවා කියන එක. මේ සියල්ල සිද්ධ වෙන්නේ පැතිරෙන්නට ඉඩ දුන්නොත් විතරයි. අපි පැතිරෙන්නට ඉඩ නොදී සෞඛ්‍ය සම්පන්නව හිටියොත් මේ ඔමික්‍රෝන් ප්‍රභේදය පැතිරෙන්නෙත් නෑ.”



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නිරෝෂා සංවේදී වී නන්දා මාලනිය වෙනුවෙන් පිටකල වදන් - ඇයගේ අඩුව පුරවන්න ආදේශකයක් නෑ
02:34
Video thumbnail
මිනිස්සුන්ව රවට්ටපු ඒජන්සියක් වටලයි
01:18
Video thumbnail
මොන කාල#ණ්නිද මුන්..සල්ලිවලින් කාලා ආතල් ගන්නවා - මිනිස්සුන්ව රවට්ටපු ඒජන්සියක් වටලයි
03:18
Video thumbnail
නන්දා මාලනීට නාවික හමුදාපති පැමිණ දුන් නිල ආචාර‍ය - නාවික හමුදාපතිව මිනිස්සු වට කරගයි
00:42
Video thumbnail
බොන්න වතුර නැතිව දුක් විඳින දේවහූව ගම්මානයේ මිනිස්සු - වකුගඩු රෝගීන් එන්න එන්නම වැඩිවෙනවා
14:15
Video thumbnail
නිවී ගිය යශෝරාවයට කාදිනල් හිමි අවසන් බුහුමන් දෙන්න ආ අයුරු - අපේ ජාතික වස්තුවක් අහිමි වුණේ
00:53
Video thumbnail
හෙළ ගීයේ අමරණීය ස්වරයට, නාවික හමුදාපතිගේ ගෞරවනීය සැලියුට් එක
00:34
Video thumbnail
දෙපා නොමැතිව මාලනීට සමුදෙන්න ආ පුද්ගලයා බලන්නකෝ
01:04
Video thumbnail
හේමාල් මාලනියට අවසන් ගෞරව දක්වන්න ආ හැටි
00:26
Video thumbnail
මාලනියට සුනිල් හදවතින්ම පුද කළ අවසන් සිපගැනීම
00:23