ස්විටර්ලන්තයේ දී රුමේෂ් තරංගගෙන් තවත් සුපිරි දස්කමක්

ඩයමන්ඩ් ලීග් මලල ක්‍රීඩා තරගාවලියේ 12 වන අදියර අද (22) අලුයම ස්විටර්ලන්තයේ ලොසෑන් හීදි පැවැත්වුණා.

එහිදී ශ්‍රී ලංකාව වෙනුවෙන් පිරිමි හෙල්ල විසිකිරීමේ ඉසව්ව සඳහා ශ්‍රී ලංකා හෙල්ල විසිකිරීමේ ශූර රුමේෂ් තරංග එක්ව සිටියා.

ඒ අනුව රුමේෂ් තරංග විසින් එම ප්‍රථම ස්ථානය දිනා ගැනීමට සමත් වුණා.

රුමේෂ් තරංග මීටර 88.14ක දක්ෂතාවක් දක්වමින් එහි පළමු ස්ථානය දිනා ගත්තා.

එම ඉසව්වේ දෙවන ස්ථානය ඉන්දියාවේ නිරාජ් චොප්රාට හිමි වූ අතර ග්‍රෙනඩාවේ ඇන්ඩර්සන් පිටර්ස් තුන්වැනි ස්ථානය දිනා ගත්තා.