spot_img
AFC Banner
Empty Ad
Empty Ad

කොවිඩ් අරමුදලේ බිලියන 1.8ක් අත්‍යවශ්‍ය ඖෂධ ගෙන්වීමට ලබාදෙයි

අත්‍යවශ්‍ය ඖෂධ ගෙන්වීම සඳහා කොවිඩ් අරමුදලේ ඇති රුපියල් බිලියන 1.8ක මුදල ලබාදෙන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ උපදෙස් ලබා දී තිබෙනවා.

සෞඛ්‍ය ක්‍ෂේත්‍රයට අදාළව කඩිනමින් අවධානයට ලක්විය යුතු කරුණු සම්බන්ධයෙන් ජනාධිපති මන්දිරයේ අද (03) පැවති සාකච්ඡාවකදියි ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා.

මේ වන විට කොවිඩ් වසංගත තත්ත්වය පාලනය වී ඇති බැවින් එම මුදල් සෞඛ්‍ය අවශ්‍යතා වෙනුවෙන් යෙදවිය හැකි බවයි ජනාධිපතිවරයා පවසා සිටියේ.

ලෝක වෙළෙඳපොළෙහි ඖෂධ මිල ශීඝ්‍රයෙන් ඉහළ යමින් වකවානුවක මෙම තත්ත්වය සැලකිල්ලට ගෙන දේශීයව කෙරෙන ඖෂධ නිෂ්පාදන කටයුතු කඩිනමින් ඉහළ නැංවීමටත්, ඊට අවශ්‍ය අමුද්‍රව්‍ය ඉන්දීය ණය ආධාර යටතේ ලබාගැනීමටත් ඇති හැකියාව ජනාධිපතිතුමා පෙන්වා දී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?