කොල්ලුපිටිය වාලුකාරාමයේ වාර්ෂික ඇසළ මහා පෙරහැර මංගල්‍යය රජයේ පූර්ණ සම්බන්ධීකරණයෙන්

කොල්ලුපිටිය වාලුකාරාම විහාරස්ථ ඇසළ මහා පෙරහැර මංගල්‍යය – 2026 පැවැත්වීම පිළිබඳ මූලික සාකච්ඡාවක් ජනාධිපති ලේකම් නන්දික සනත් කුමානායකගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී ඊයේ (02) පස්වරුවේ පැවැත් වුණා.

මෙවර ඇසළ උත්සවය නිමිත්තෙන් 63 වන වරටත් අගෝස්තු මස 02 සිට 07 වනදා දක්වා ඇසළ මහා පෙරහැර මංගල්‍යය පැවැත්වෙන අතර, එම පෙරහැර මංගල්‍යය උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට රාජ්‍ය අනුග්‍රහය ලබාගැනීම පිළිබඳව සහ ඊට අදාළ පෙර සූදානම සම්බන්ධව මෙහිදී සාකච්ඡාවට ලක් කෙරුණා.

අගෝස්තු මස 07 වනදා රාත්‍රී අවසන් මහා පෙරහැර වාලුකාරාම පාර, ගාලුපාර, කොල්ලුපිටිය මංසන්ධියෙන් ලිබර්ටි වටරවුම ඔස්සේ ආර්. ඒ. ද මෙල් මාවත හරහා වීථි සංචාරය කර විහාරස්ථානය වෙත පැමිණීමට නියමිතයි.

පෙරහැර මංගල්‍යය සාර්ථක කර ගැනිම වෙනුවෙන් අනුග්‍රහය දක්වන සියලුම රාජ්‍ය ආයතන සහ මූල්‍යමය අනුග්‍රහය දක්වන රාජ්‍ය සහ පෞද්ගලික ආයතන විසින් ඊට ලබාදෙන දායකත්වය සම්බන්ධව ද මෙහිදී සාකච්ඡා කෙරුණා.

පසුගිය කාලයේ පැවති කොවිඩ් වසංගතය සහ ආර්ථික අර්බුදය නිසා වාලුකාරාම පෙරහැර මංගල්‍යය පැවැත්වීමට නොහැකි වූ බවත්, මේ වන විට රටේ පවතින යහපත් තත්ත්වය සැලකිල්ලට ගෙන මෙවර පෙරහැර මංගල්‍යය පැවැත්වීමට තීරණය කළ බවත්, පෙරහැර සාර්ථකව පැවැත්වීමට ජනාධිපති අනුර කුමාර දිසානායක ඇතුළු රජය දක්වන සහාය සම්බන්ධව ප්‍රශංසාව හිමිවන බවත් වාලුකාරාමය ඇතුළු පංච මහා විහාරස්ථානයන්හි විහාරාධිපති, කොළඹ දිසාව සහිත ඌව පළාතේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය මහරගම නන්ද නායක ස්වාමීන් වහන්සේ පැවසුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ව මිනිස්සු වැඳලා පිළිගත්ත හැටි
02:41
Video thumbnail
අපේ අභියෝගය වුණේ සුපිලිපන්න රාජ්‍ය සේවයක් ඇති කිරීම - කළ වෙනස නන්දික කියයි
05:41
Video thumbnail
සුසන්තිකා ජයසිංහට යකා නගියි - ඔයාලා ක්‍රීඩාව කෑවා..බොරු නොකියා කටවහන් පැත්තකටවෙලා ඉන්න
10:35
Video thumbnail
කුණු ගොඩකින් වැසුණු මාපලගම බස් නැවතුම්පොළ.
01:43
Video thumbnail
බේරුවල මුහුදු තීරයට තල්මසෙකුගේ සිරුරක් ගොඩගසා ඇති අයුරු
00:30
Video thumbnail
ජනප්‍රිය නළු අර්ජුන්, නාමල් ඉදිරියේ කළ සුපිරි කතාව - දුවන්න පුළුවන් ශක්තිමත් අශ්වයෙක් ඉන්නේ
03:14
Video thumbnail
බේරුවල මුහුදු තීරයට විශාල තල්මසෙකුගේ සිරුරක් ගොඩගසා ඇති අයුරු
00:54
Video thumbnail
විධායකයට බෑ අධිකරණයට ඇඟිලි ග#න්න - ස්වාධීනව තමන්ගේ තීරණ ගන්න ඉඩදෙන්න
12:24
Video thumbnail
විපක්ෂයේ වැඩවලට අධිකරණය බාධාවෙලා - එකතු වුණා කියලා අඟවලා කරන්නේ හොරගල් ඇහිලීමක්
02:40
Video thumbnail
ඊශ්‍රාලයට යන්න හිතනවනම් මෙන්න ඔයාට සුබ ආරංචියක් - රැකියා, වැටුප්, වීසා ගැන සම්පූර්ණ විස්තරය
04:40