කොත්තුවක් කකා සිටි වඩුබාස්ට උදැල්ලකින් කොටලා – ඝාතකයා අත්අඩංගුවට

හොරණ, රෙමුණ ප්‍රදේශයේ ලී මඩුවක් තුළ උදැල්ලකින් පහරදී එම ලී මඩුවේ වඩුබාස් ඝාතනය කර ඇති බව අඟුරුවාතොට පොලිසිය පවසනවා.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ පුත්තලම, සමිඳුගම ප්‍රදේශයේ පදිංචි 51 හැවිරිදි පුද්ගලයෙක්.

මීට මාසයකට පමණ පෙර මෙම පුද්ගලයා අදාළ ලී මඩුවේ රැකියාව සඳහා පැමිණ ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

එම ලී මඩුවේ සේවය කළ තවත් සේවකයෙක් විසින් මෙම ඝාතනය සිදුකර ඇති අතර, මොවුන් දෙදෙනා ලී මඩුවේ එක් කෙලවරක පිහිටි කාමර දෙකක නැවතී සිට තිබෙනවා.

දෙදෙනා අතර දින කිහිපය සිට බහින් බස්වීම් ඇති වී ඇති බවයි මූලික විමර්ශනවල දී අනාවරණය වී ඇත්තේ.

ඝාතනය ලක්වූ පුද්ගලයා ඊයේ (01) දින ලී මඩුවේ සේවය අවසන් කර, ඔහු නවතැන් ගෙන සිටි කාමරය තුළ කොත්තුවක් ආහාරයට ගනිමින් සිටිය දී සැකකරු විසින් ඔහුට උදැල්ලකින් පහර දී ඇති බවයි වාර්තා වුණේ.

අනතුරුව සැකකරු විසින් සිදුකළ අපරාධය ඔහුගේ පුත්‍රයාට දුරකථන ඇමතුමක් දී පවසා ඇති අතර, පසුව එය ලී මඩුවේ හිමිකරුට දැනුම් දී තිබෙනවා.

අපරාධය සිදුකළ සැකකරු අඟුරුවාතොට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු වයස අවුරුදු 55ක ඇඹිලිපිටිය, සෙවනගල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

සැකකරු අද (02) හොරණ අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ අතර, මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ අඟුරුවාතොට පොලිසිය සිදුකරනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මල්වෙඩි දාලා නාමල්ව වේදිකාවට ගෙනෙයි
00:57
Video thumbnail
CTB බසයක් ලොරි රථයක වැදී බිහිසුණු අනතුරක්
00:42
Video thumbnail
ජාතියේ යශෝරාවයේ අවසන් සුසුමත් වාතලයට මුසුවූ මොහොත
01:35
Video thumbnail
ශිරන්ති රාජපක්ෂගේ අත අල්ලගෙන සුනිල් කිව්ව දේ
01:48
Video thumbnail
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කළ ප්‍රබල කතාව - විනිශ්චය අතර වෙනසක් වුණොත් විවේචන එන්නේ අපිට
09:13
Video thumbnail
මුළු රටක්ම හඬවා දැයෙන් සමුගත් නන්දා මාලනිය - සමුදෙන්න කලාකරුවන් රැසක් එයි
05:12
Video thumbnail
ජාතියේ යශෝරාවයේ අවසන් සුසුමත් වාතලයට මුසුවූ මොහොත - නන්දා මාලනිය ඔබට සුබ ගමන්..!!
03:35
Video thumbnail
මාලනියගේ නිසල දේහය සහිත පෙට්ටිය මත වැටී ඥාතීන් හඬා වැටෙන අයුරු
01:01
Video thumbnail
මාලනියගේ අවසන් මතක සටහන අරගෙන මිනිස්සු පාරේ ඉන්න හැටි - ඔබයි රම්‍ය සඳ කිරණ ඝණ අන්ධකාරේ
02:07
Video thumbnail
මුන් තමයි හොරු මහත්තයෝ..අපේ හොරා - නාමල්ගේ කතාවට පිටුපසින් කෑගහලා කියූ දේ
01:47