කොටුව ස්ටේෂමට ආවොත් අවුරුද්දට කෝච්චියෙන් ගෙදර යන්න Munchee ආයතනයෙන් ටිකට් (ඡායාරූප)

සිංහල සහ හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් ගම්බිම් බලා යන ජනතාවට අමතක නොවන අත්දැකීමක් ලබා දෙමින්, CBL සමූහ ව්‍යාපාරයේ ප්‍රමුඛතම සන්නාමය වන Munchee ආයතනය සුවිශේෂී වැඩසටහනක් අද (12) දින දියත් කර තිබෙනවා.

“හදින් හද රසයෙන් ලං කරන අවුරුද්දේ සුභ රසය” යන තේමාව පෙරදැරි කරගනිමින් ක්‍රියාත්මක වන මෙම වැඩසටහනට සමගාමීව, කොළඹ කොටුව දුම්රිය ස්ථානයට පැමිණෙන 25,000කට ආසන්න මගීන් පිරිසක් වෙනුවෙන් අද (12) දින සිදුකරන දුම්රිය ගමන් වාර 85ම ආවරණය වන පරිදි සියලුම දුම්රිය ප්‍රවේශ පත්‍ර සඳහා පූර්ණ අනුග්‍රහය දැක්වීමට Munchee ආයතනය කටයුතු කර තිබීම විශේෂත්වයක්.

මෙම වැඩසටහනේ විශේෂිතම අංගය වන්නේ කොළඹ කොටුවේ සිට මඩකලපුව දක්වා ධාවනය වන විශේෂ “මන්චී අවුරුදු දුම්රියයි”.එම දුම්රිය අද උදෑසන අතිවිශාල පිරිසක් සමගින් ගමන් ආරම්භ කිරීමද සිදුවුණා.

මෙම දුම්රිය ගමන පුරාවට මගීන්ට විවිධ අවුරුදු ක්‍රීඩා සහ විනෝදාත්මක අංග,රසවත් සංග්‍රහයන්,විශේෂ තෑගි බෝග රැසක් හිමි වන අතර, එම දුම්රිය මේ වනවිට ගමනාන්තය තෙක් ගමන් කරමින් පවතිනවා.

මේ දිනවල පවතින ආර්ථික සහ ගෝලීය වාතාවරණය හමුවේ ගමනාගමන වියදම් ඉහළ ගොස් ඇති පසුබිමක, මෙලෙස නොමිලේ ප්‍රවාහන පහසුකම් සලසාදීම ජනතාවට විශාල සහනයක්.

දුම්රිය ප්‍රවේශ පත්‍ර ලබාදීමට අමතරව, කොටුව දුම්රිය ස්ථානයට පැමිණෙන මගීන් වෙනුවෙන් විවිධ අවුරුදු සංග්‍රහයන් පිරිනැමීමටද Munchee කණ්ඩායම සූදානමින් සිටිනවා.

පවුලේ සැමගෙම මුවඟට සිනහවක් ගෙනෙන, රසයෙන් සහ සතුටෙන් පිරි මෙවන් අපූර්ව අවුරුදු සැමරුමකට එක්වෙන්න අදම කොටුවට එන්නැයි Munchee ආයතනය සියලුම මගී ජනතාවට ආදරයෙන් ආරාධනා කර සිටින අතර, මෙම මෙය මේ වන විටත් මගී ජනතාවගේ ඉහළ ඇගයීමට ලක්වෙමින් පවතිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
6
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අන්තරේ ගැන රාජිත කට අරියි..මල්වානේ නිවස ඇල්ලුවේ JVP එකේ ඉන්න කට්ටියක්ලු
01:22
Video thumbnail
ආණ්ඩුවේ මන්ත්‍රීවරයෙක්ගෙම කටින් පැන්න දේ..ගල් අඟුරු පාඩුවත් විදුලි බිල වැඩි වෙන්න හේතුවක්
01:07
Video thumbnail
පාඨලීගේ මගඩි සේරම එළියට ?NPP මන්ත්‍රීවරයෙක්ගෙන් ගල් අඟුරු කොමිසමට පැමිණිල්ලක්
07:47
Video thumbnail
ලොකු වාහන හිඟයක් ? රුපියල අවප්‍රමාණය වීමෙන් ජීවිතයට කොච්චර බලපෑමක් වෙයිද ?
08:09
Video thumbnail
වැස්සේ අස්සේ ත්‍රීවීල් එකක හටගත් හදිසි ගින්න
00:51
Video thumbnail
සරුවට වැඩුණු ලක්ෂ විස්සකට අධික ගංජා අළු කළ හැටි
01:02
Video thumbnail
සැවොම බිය ගැන්වූ වනවාසල දුම්රිය පීලි පැනීම
00:47
Video thumbnail
සූරපප්පලා මොකක්ද මේ කරන්න යන්නේ ? ලෝකයේ 1000kmph වගේ දුම්රිය ගමන් කරනවා
04:36
Video thumbnail
අන්තරේ සෙට් එක මල්වානේ උයාගෙන කාලා සැපට ඉන්න හැටි..වීඩියෝ සේරම එළියට
02:46
Video thumbnail
ආනයනය කරන හැම වාහනයකටම 50%ක රේගු අධිභාරයක්..මනුස්සයෙක්ට දරන්න බැරි තරම් ගණන් යනවා
08:03