කෙසෙල්බද්දර පද්මේ ඉෂාරාගේ සොහොයුරුට ලක්ෂයක මුදලක් බැර කර ඇති බවට හෙළිවෙයි

ගනේමුල්ල සංජීව ඝාතනයේ මහමොළකාරිය ලෙස සැලකෙන මේ වනවිට (26) අතුරුදන් ව සිටින ඉෂාරා සෙව්වන්දිගේ සහෝදරයාගේ ගිණුමට රුපියල් ලක්ෂයක මුදලක් කෙසෙල්බද්දර පද්මේ නමැත්තා විසින් බැර කර ඇති බවට අනාවරණය කරගෙන තිබෙනවා.

කොළඹ අපරාධ කොට්ඨාසය භාරයේ රැඳවුම් නියෝග ලබාගෙන සැකකාරිණියගේ මව සහ සොහොයුරාගෙන් ප්‍රශ්න කිරීම් සිදු කෙරෙන අතර එහිදියි මේ බව අනාවරණය වී ඇත්තේ.

ඝාතනය සිදු වූ පෙබරවාරි මස 19 වැනි දින පෙරවරුවේ එම මුදල් ප්‍රමාණය තැන්පත් කර ඇති බවත්, සැකකාරිණිය එදින පස්වරුවේ කළුතර ප්‍රදේශයේ ස්වර්ණාභරණ වෙළෙඳසැලකින් රුපියල් ලක්ෂ 05ක් පමණ වටිනාකමක් සහිත රත්‍රං බඩු මිලට ගෙන ඇති බව ද හෙළි ව තිබෙනවා.

පසුව ඇය සිය මිතුරියකගේ විවාහ මංගල්‍යයකට සහභාගී වීමට යන බවට පවසමින් කඩුවෙල දෙසට නික්ම ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

ප්‍රබල අපරාධ කල්ලි නායකයෙකු ලෙස සැලකෙන ගනේමුල්ල සංජීව බූස්ස බන්ධනාගාරයේ සිට අංක 09 දරන අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලද නියෝගයක් අනුව පසුගියදා අධිකරණයට රැගෙන ආවා.

ඒ පූර්ණ පොලිස් ආරක්ෂාව මධ්‍යයේයි.

නමුත් එදින ඔහුට භෞතිකව අධිකරණයේ පෙනී සිටින ලෙසට දැනුම්දුන් අංක 09 මහේස්ත්‍රාත් අධිකරණයේ විනිසුරු නොසිටි බැවින් ඔහු තවත් නඩු කටයුත්තක් සඳහා එදිනම අංක 05 දරණ මහේස්ත්‍රාත්වරිය හමුවට ඉදිරිපත් කෙරුණා.

නඩු කටයුත්ත අවසන් වී සැකකරු විත්ති කූඩුවෙන් එළියට බැහීමට සැරසෙද්දී එම ශාලාවේ නීතිඥවරයෙකුගේ වෙස් ගෙන සිටි අයෙකු සැකකරු අසලට පැමිණ ගිනි අවියක් ක්ෂණිකව ක්‍රියාත්මක කර තැබූ වෙඩි ප්‍රහාර මාලාවෙන් සංජීව කුමාර සමරරත්න නමැත්තා ජීවිතක්ෂයට පත් වුණා.

එදිනම මෙම ඝාතනයේ වෙඩික්කරු පුත්තලම – පාලවිය ප්‍රදේශයේ දී පොලිස් විශේෂ කාර්‍යය බලකාය භාරයට ගැනුණු අතර ගිනි අවිය අපරාධ නඩු විධාන සංග්‍රහය කෘතියෙහි බහා වෙඩික්කරුට දුන් 26 හැවිරිදි තරුණිය තවමත් අත් අඩංගුවට ගැනීමට හැකි වී නැහැ.

ඊයේ දිනයේදිත් ඇය මතුගම – රන්නගල ප්‍රදේශයේ සැඟව සිටින බවට ලද තොරතුරක් මත විශේෂ පොලිස් විමර්ශනයක් ක්‍රියාත්මක වුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56
Video thumbnail
මේ ඵාපකර්මයට කවුරුත් හවුල් වෙන්න එපා - ජනමත විචාරණයෙන් ආණ්ඩුවට අන්ත පරාජයක් දෙන්න පුළුවන්
04:02
Video thumbnail
අජිත්ගෙන් ආණ්ඩුවට අභියෝගයක් - පැරදෙනවා කියලා බය හින්දා මේ කියවන්නේ
04:56
Video thumbnail
මල්වෙඩි දාලා නාමල්ව වේදිකාවට ගෙනෙයි
00:57
Video thumbnail
CTB බසයක් ලොරි රථයක වැදී බිහිසුණු අනතුරක්
00:42