කූඨ ලේඛන සැකසූ නීතිඥවරයෙකු බරපතළ වැඩ සහිත සිරදඩුවම්

කූඨ ලේඛන සකස් කිරීමේ චෝදනාවට වරදකරු කළ නීතිඥවරයෙකුට හලාවත මහාධිකරණ විනිසුරු නයෝමි වික්‍රමසේකර මෙනවිය විසින් වසර පහ හමාරක බරපතළ වැඩ සහිත සිරදඩුවම් නියම කළා.

ඊට අමතරව රුපියල් ලක්ෂයක දඩ මුදලක් ද විත්තිකාර නීතිඥවරයාට නියම කළ මහාධිකරණ විනිසුරුවරිය එම
දඩ මුදල නොගෙවන්නේ නම් මාස දෙකක ලිහිල් සිර දඩුවමක්ද නියම කරනු ලැබුවා.

මහාධිකරණ විනිසුරුවරිය විසින් මෙලෙස දඩුවම් නියම කරන ලද්දේ මාරවිල, කටුනේරිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන නීතිඥවරයෙකුයටයි.

1994 සැප්තැම්බර් මස 01 වනදා සහ 1994 දෙසැම්බර් මස 21 වනදා කාන්තාවකගෙන් හිස් තැන් නොපුරවන ලද කොළ වලට අස්සන් ලබා ගෙන පසුව කූඨ ලේඛණ සකස් කර ඉඩම් ලියාපදිංචිකර ඇති බවට නීතිපතිවරයා විසින් විත්තිකාර නීතිඥවරයාට එරෙහිව අධි චෝදනා ගොණු කර තිබුණා.

2003 ජනවාරි මස 18 වනදා සිට මෙම නඩුකරය හලාවත මහාධිකරණය හමුවේ වරින් වර කැඳවනු ලැබුවා.

කෙටියෙන් අවසන් කර ගත යුතු නඩුකරයක් දීර්ඝ කාලයක් විත්තිකාර නීතිඥවරයා විසින් පවත්වා ගෙන ගොස් ඇති බවත්,ඒ නිසා දඩුවම් නියම කිරීමේ දී තමන් කිසිදු ආකාරයකින් පශ්චාත්තාප නොවන බවද මහාධිකරණ විනිසුරුවරිය විසින් සිය නියෝගය නිකුත් කරමින් ප්‍රකාශ කළා.

එමෙන්ම විත්තිකාර නීතිඥවරයා හිස් කොළවලට අස්සන් ලබාගන්නා අයෙකු බව නඩු විභාගයේ දී පෙනී ගිය බවද මහාධිකරණ විනිසුරුවරිය විසින් ලබා දී ඇති නඩු තීන්දුවේ සදහන් කර තිබෙනවා.

සැකකාර නීතිඥවරයාට එරෙහිව මහාධිකරණ විනිසුරුවරිය විසින් ලබා දී ඇති නඩු තීන්දුව පිටු 67 කින් සමන්විතයි.

සිර දඬුවම් සහ දඩ මුදලට අමතරව අගතියට පත් පාර්ශ්වයට රුපියල් 40,000 ක වන්දි මුදලක් ගෙවන ලෙසද විත්තිකාර නීතිඥවරයාට නියම කර ඇති අතර, එම වන්දි මුදල නොගෙවන්නේ නම් එය දඩ මුදලක් ලෙස අය කර ගන්නා ලෙස සහ මාස 24ක ලිහිල් සිර දඩුවමක්ද මහාධිකරණ විනිසුරුවරිය විසින් විත්තිකරුට නියම කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
2
+1
11
+1
2
+1
1
+1
1
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පදමට බීලා තරුණියන් දෙදෙනෙකු අනතුරට ලක්කළ OIC අත්අඩංගුවට - මෝටර් රථයෙන් පලා යමින් ඉදලා
01:12
Video thumbnail
"කෙළින් හිටගන්නවත් බැරි තරම් බීපු පොලිස් පරීක්ෂවරයා, තරුණියන් දෙදෙනෙක් අනතුරට ලක්කර පැනලා ගිහින්"
00:55
Video thumbnail
නානා මේ... අරක මේක මට කියන්න එන්න එපා හරිද..? සඳුදා උසාවි යන්න බලාගෙන ඉන්න..
01:38
Video thumbnail
ෆ්‍රරයිඩ් රයිස් හදන්න බඩු ගේන්න ගිහින් යළි නොආ සිව්දරු මව "හිනාවෙලා අපේ හිනාවත් අරගෙන එයා ගියා"
03:54
Video thumbnail
නාමල් වෙනුවෙන් කාන්තාවෝ මහ ජන ගඟක් හෝමාගමට එයි - "අනාගත නායකයට..ජයවේවා !"
01:06
Video thumbnail
යුවතියෝ ජන ගඟක් පේලි ගැසෙමින් නාමල් රාජපක්ෂ බලන්න හෝමාගමට...
00:51
Video thumbnail
ඩෙංගු නිසා ගමක් යකා නටයි කොළොන්නාවේ උණුසුම් තත්ත්වයක් - අවු:15ක් තිස්සේ..ඔයාලා චණ්ඩිකම් දානවා
07:59
Video thumbnail
පොලිස් නිලධාරීන්ගේ මේ හැසිරීම් අනුමත කළ හැකිද..?
02:47
Video thumbnail
ජාත්‍යන්තරය ජයගත් මහේන්ද්‍ර පෙරේරා සතුට වචනවලට පෙරලුව අයුරු - OMG..Super Amazing Feeling..
02:15
Video thumbnail
"අපේ දුක දැක්කේ සජිත් මහත්තයා විතරයි" - තරුණයෙක් සහ තරුණියක් සජිත්ට දුන්නු ක්‍රෙඩිට් එක..
01:02