කුඩා දරුවන් වහාම පරිස්සම් කරගන්න. බල්ලන් හා පූසන් සම්බන්ධ මේ රෝගය ගැන ඔබත් දැනුවත්ද..?

කුඩා දරුවන් අතර පැතිර යාමේ සම්භාවිතාවයක් ඇති රෝගයක් ගැන මේ වෙද්දි හැමෝම වගේ කතාවෙනවා.

බල්ලන් සහ පූසන් සම්බන්ධ මේ රෝගය ගැන පශු වෛද්‍යවරියක් මෙලෙස සටහනක් තබා තිබුණා.

එම සටහන පහතින්…

Toxocariasis කියන්නෙ Toxocara canis Toxocara cati කියන රවුම් පනුවන්ගේ ආසාදනයක්..

මිනිසුන්ට මෙය ආසාදනය වීමට නම් මෙම පණු ආසාදනය සහිත බල්ලන්ගේ හෝ පූසන්ගේ මලපහ මුඛ මාර්ගයෙන් ශරීරගත විය යුතුය. එය අපවිත්‍ර කෑම හෝ අත් මගින් සිදුවිය හැකිය.

මෙය වලක්වා ගැනීම ඉතාමත් පහසුයි.

ඔබේ ගෙදර ඇතිකරන සුරතලා නිසි කාලසීමාව තුලදී පනුහරනය කරන්න.

මාස තුනට අඩු පැටවුන් සති දෙකකට වරක් පණුහරණය කල යුතුය.

මාස තුනට වැඩි සතුන් මාස දෙකකට වරක් පනුහරනය ප්‍රමාණවත් වේ..

නමුත් එහිදී නිවැරැදි ඖෂධ භාවිතා කරන්න.මිනිසුන් භාවිතා කරන පණුනාශක සතුන්ට ප්‍රමාණවත් නොවේ.

බර අනුව නිවැරැදි මාත්‍රා ලබාදීම ඉතා වැදගත් වේ. ෆාමසි වලින් බොහෝ විට වැරදි ඖෂධ මෙන්ම වැරදි මාත්‍රා ලබා දී තිබෙනු මට හමු වී ඇත. ඒ පශුවෛද්‍ය උපදෙස් ගෙන නිවැරැදි ඖෂධ ලබා දෙන්න.

මෙලෙස නිසි ඖෂධ මගින් නිසි කාලසීමාව තුල පණුනාශක ලබාදීමෙන් ඔබේ දරුවා සුරතලාගෙන් ඈත් කර තැබීමට තරම් බිය විය යුතු නැත.

මෙම රෝග තත්වය වලක්වා ගැනීමට පහත ක්‍රියාවන්ද පිළිපැදීම වැදගත්‍;

බල්ලන් පූසන් මලපහ කරන ස්ථාන වල ක්‍රීඩා කිරීම වැලැක්වීම.

එලිමහනේ ක්‍රීඩා කිරීමෙන් පසු දෑත් සේදීම.

සුරතලුන්ගේ මලපහ නිසි පරිදි බැහැර කිරීම.

මෙවැනි සෞඛ්‍ය ආරක්ශිත ක්‍රම පිලිපැදීම තුලින් මෙම රෝගය ගැන අනිසි බියක් ඇති කර ගත යුතු නැත.

පශුවෛද්‍ය ප්‍රශාෂිනී ප්‍රනාන්දු



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කතරගම කිරිවෙහෙර පුද බිමට විශාල ජනගඟක් ඇදෙයි
00:10
Video thumbnail
අපි මේ කුණකට අත ගහලා තියෙන්නේ - අපි අමුණු කැලෑ අස්සේ රිංගලා ගියා.. ප්‍රශ්නය දැක්කා
06:42
Video thumbnail
හිතාමතා කරන අල්ලස, දූෂණය, වංචාවට කිසිසේත්ම ඉඩකඩ නෑ..ආනන්ද විජේපාලගෙන් සැර කතාවක්
12:36
Video thumbnail
මනමාල ජෝඩුව වෙනුවට රැග් කන්න වුණ දෙමව්පියෝ - අවු:42ම පළවෙනි වතාවට දැක්කේ මෙහෙම
02:30
Video thumbnail
වසර 7කට පමණ පසු නැවත ඇරඹෙන යාපහුව ශ්‍රී දළදා මහ පෙරහර
03:40
Video thumbnail
චමින්ද විජේසිරිගේ පියාගේ අභාවය වෙනුවෙන් ගිය සජිත් සංවේදී වූ අයුරු
01:52
Video thumbnail
"නයි හාමි කරදර නොකර යන්න.."
01:19
Video thumbnail
ජාතිවාදී ආගම්වාදි ගැටුමකට යළි ශ්‍රී ලංකාවේ ඉඩ දෙන්නේ නෑ - දක්ෂතම මානව සම්පත අප සතුව තියෙනවා
06:28
Video thumbnail
පෙරහරට කලින් නුවරට වහින මහ වැස්ස..
00:11
Video thumbnail
ලොවම කම්පා කරමින් නේපාලයට ගලා ආ මහ ගංවතුර
01:42