වැලිසර, මහබාගේ ප්රදේශයේ පරිගණක අලෙවිසැලක අද (23) රාත්රී 07.00ට ගින්නක් ඇතිව තිබෙනවා.
මෙම ගින්නෙන් ජීවිත හානි කිසිවක් වාර්තා වී නොමැති අතර, විශාල වශයෙන් දේපල හානි සිදුව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
ගිනි නිවන රථ පැමිණ ගින්න පැවැත්වීමට කටයුතු කරමින් සිටිනවා.
ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, සිද්ධිය සම්බන්ධයෙන් මහබාගේ පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.













