කින්ග් කෝලිට අනුෂ්කා ආයෙමත් ආදරේ යැයි පවසයි

ලොව එතෙක් මෙතෙක් බිහි වූ විශිෂ්ටතම ටෙස්ට් පිතිකරුවෙකු වන ඉන්දීය ක්‍රීඩක විරාට් කෝලි තමන් ජාත්‍යන්තර ටෙස්ට් පිටියෙන් නිල වශයෙන් සමු ගන්නා බවට අද (12) දිනයේ දී සිය ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුම හරහා දැනුම්දීමෙන් පසුව ඔහුගේ ආදරණීය බිරිඳ වන බොලිවුඩ් නිලි අනුෂ්කා ෂර්මා ද කෝලි පිළිබඳ ව විශේෂ සටහනක් තබා තිබෙනවා.

ඒ සිය නිල මුහුණුපොතේ යි.

අනුෂ්කා පවසා ඇත්තේ මෙවැන්නක්;

” බොහෝ දෙනා ඔබගේ වාර්තා සහ සන්ධිස්ථාන ගැන කතා කරාවි, ඒත් ඔබ කවදාවත් නොපෙන්වූ කඳුළු, කිසිවෙකු නොදුටු තීරණාත්මක සටන් සහ ඔබ මෙම ක්‍රීඩාව වෙනුවෙන් ලබා දුන් අප්‍රමාණ වූ ආදරය මට හොඳින් මතකයි. මේ සියලු ම දේ ඔබෙන් කොපමණ ප්‍රමාණයක් ලබා ගත්තා ද යන්න මම දනිමි. සෑම ටෙස්ට් තරගාවලියකටම පසු, ඔබ යම්තාක් දුරකට නුවණැතිව, නිහතමානීව ආපසු පැමිණියා. ඒ සියල්ල හරහා ඔබ පරිණාමය වී දැකිය හැකි වුණා.

කෙසේ හෝ, මම සැමවිටම සිතුවේ ඔබ සුදු ඇඳුමින් සැරසී ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම ගනු ඇතැයි කියායි – නමුත් ඔබ සැමවිටම ඔබේ හදවත කියන දේ ඉටු කරමින් සිටින්නෙක්, එබැවින් මට මගේ ආදරය ඔබ වෙත පැවසීමට අවශ්‍යයි, ඔබ මේ සමුගැනීමේ සෑම කොටසක් ම උපයාගත් අයෙක්.” යනුවෙන්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16