කික් වොලිබෝල්වලින් ලොවක් දිනූ ශූරයින් දිවයිනට පැමිණෙ‍යි

තායිලන්තයේ පැවති 37 වන “සෙපක්තක්රෝ ”(Sepaktakraw) ලෝක ශූරතා කින්ග්ස් කප් තරගාවලියට (Kings Cup ) සහභාගී වූ, ශ්‍රී ලංකා සෙපක්තක්රෝ කණ්ඩායම, එහි ඉසව් 05කින් ලෝකඩ පදක්කම් 05ක් පළමු වරට දිනාගෙන ඊයේ (10) රාත්‍රියේ දී කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබෙනවා.

මෙම තරගාවලිය තායිලන්තයේ කොරාත් නුවර, ලෝකයේ රටවල් 29ක ක්‍රීඩක ක්‍රීඩිකාවන් 750ක පමණ පිරිසකගේ සහභාගීත්වයෙන් ඉකුත් සැප්තැම්බර් 01 වැනි දින සිට 08 වැනි දින තෙක් පැවැත්වුණා.

සෙපක්තක්රෝ යනු පාද උපයෝගී කරගෙන සිදු කෙරෙන වොලිබෝල් ක්‍රීඩාවක් වන අතර, මෙම ක්‍රීඩාව තායිලන්තයෙන් ආරම්භ වී අග්නිදිග ආසියාව පුරා පැතිර ගිය, ව‍ර්තමානයේ බටහිර රටවල් කික් වොලිබෝල් (Kick Volleyball ) ලෙස ද හඳුන්වන ක්‍රීඩාව මෙය බවයි පැවසෙන්නේ.

වොලිබෝල් ක්‍රීඩාවට අදාළ සියලුම නීතිරීති මෙම ක්‍රීඩාවට ඒ ආකාරයෙන්ම අදාළ වන බව ශ්‍රී ලංකා සෙපක්තක්රෝ ක්‍රීඩා සම්මේලනයේ සභාපති නිලාම් හලාල්ඩීන් මහතා කටුනායක ගුවන් තොටුපොළේ දී අප ගුවන්තොටුපොළ වාර්තාකරු සමග පවසා තිබෙනවා.

තායිලන්තයේ බැංකොක් නුවර සිට ඒ.කේ.- 047 දරන ගුවන් යානයෙන් මෙම ශූරයින් දිවයිනට ළඟා වූ බවයි වාර්තා වන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වතුර තියෙන තැන් හොයාගෙන යන මාළු..මනුස්සයෙක්ට නාගන්න විදියක්වත් නෑ..වැඩත් නෑ
03:13
Video thumbnail
කාලගුණය ගැන විශේෂ දැනුම්දීමක් - සමහර දිස්ත්‍රික්ක සඳහා ගිගුරුම් සහිත වැසි ?
03:58
Video thumbnail
සංචාරකයොන්ට නිදහසේ යන්න නොදෙන කුඹල්ගම චණ්ඩි - "උඹට මං ඊළඟ පාර අනිවාර්යෙන් ග#නවා"
01:06
Video thumbnail
සජිත් මැතිතුමනි අපේ ජනපති වේවා - සජිත්ගෙන් වැඳලා ඉල්ලයි
01:27
Video thumbnail
නඩු නැති පිරිසිදුම කණ්ඩායම ඉන්නේ සජිත් එක්ක
01:03
Video thumbnail
ගවයින්ට බොන්න ජලය ලබා ගන්න වැව් මැද වලවල් හාරන මොණරාගල මිනිස්සු
00:59
Video thumbnail
නානුඔය දුම්රිය ස්ථානයේ සංචාරකයින් වෙනුවෙන් කෝපි දන්සලක්
01:13
Video thumbnail
විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් ආණ්ඩුවට ප්‍රශංසා..ජනපතිගේ තීරණ නිසා මේක සාර්ථක වුණේ..
06:14
Video thumbnail
රුවන්වැලි මහා සෑය බැතිමතුන්ගෙන් පිරී ඉතිරී යයි
00:32
Video thumbnail
ඔබතුමා හිතාමතා ජනතාව නොමඟ යවනවා..කියන්නේ බොරු..කිසි දෙයක් කරලා නෑ
08:54