කික් වොලිබෝල්වලින් ලොවක් දිනූ ශූරයින් දිවයිනට පැමිණෙ‍යි

තායිලන්තයේ පැවති 37 වන “සෙපක්තක්රෝ ”(Sepaktakraw) ලෝක ශූරතා කින්ග්ස් කප් තරගාවලියට (Kings Cup ) සහභාගී වූ, ශ්‍රී ලංකා සෙපක්තක්රෝ කණ්ඩායම, එහි ඉසව් 05කින් ලෝකඩ පදක්කම් 05ක් පළමු වරට දිනාගෙන ඊයේ (10) රාත්‍රියේ දී කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබෙනවා.

මෙම තරගාවලිය තායිලන්තයේ කොරාත් නුවර, ලෝකයේ රටවල් 29ක ක්‍රීඩක ක්‍රීඩිකාවන් 750ක පමණ පිරිසකගේ සහභාගීත්වයෙන් ඉකුත් සැප්තැම්බර් 01 වැනි දින සිට 08 වැනි දින තෙක් පැවැත්වුණා.

සෙපක්තක්රෝ යනු පාද උපයෝගී කරගෙන සිදු කෙරෙන වොලිබෝල් ක්‍රීඩාවක් වන අතර, මෙම ක්‍රීඩාව තායිලන්තයෙන් ආරම්භ වී අග්නිදිග ආසියාව පුරා පැතිර ගිය, ව‍ර්තමානයේ බටහිර රටවල් කික් වොලිබෝල් (Kick Volleyball ) ලෙස ද හඳුන්වන ක්‍රීඩාව මෙය බවයි පැවසෙන්නේ.

වොලිබෝල් ක්‍රීඩාවට අදාළ සියලුම නීතිරීති මෙම ක්‍රීඩාවට ඒ ආකාරයෙන්ම අදාළ වන බව ශ්‍රී ලංකා සෙපක්තක්රෝ ක්‍රීඩා සම්මේලනයේ සභාපති නිලාම් හලාල්ඩීන් මහතා කටුනායක ගුවන් තොටුපොළේ දී අප ගුවන්තොටුපොළ වාර්තාකරු සමග පවසා තිබෙනවා.

තායිලන්තයේ බැංකොක් නුවර සිට ඒ.කේ.- 047 දරන ගුවන් යානයෙන් මෙම ශූරයින් දිවයිනට ළඟා වූ බවයි වාර්තා වන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සමන්තභද්‍ර හිමිගෙන් ආණ්ඩුවට සැර සත්තමක් - ආණ්ඩුව අනවශ්‍ය ප්‍රශ්නයක් පටලගත්තේ..උද්දච්චයිනේ
06:04
Video thumbnail
මේ පනත් දෙක මර්දනකාරි ගමනේ නිවුන් සහෝදරයෝ වගේ - මහේස්ත්‍රාත්ගේ බලයත් යටපත් කරන්න පුළුවන් ?
13:21
Video thumbnail
කතරගම දේවාලයට අයත් ඉඩමකදී තරුණයෙක් වෙ# තබා ඝා#නය කරලා - එහි පරික්ෂණ සිදුකරන අයුරු
01:18
Video thumbnail
විහාර මහාදේවී උද්‍යානයේ භික්ෂු සත්‍යග්‍රහයේ නවතම දර්ශන - සම්බුද්ධ පූජාව පූජා කරයි
03:08
Video thumbnail
නාමල් සුවඳ අරගෙන ගමින් ගමට එනවා - පාපිසි කුණු බක්කියට දාන කාලය හරි..අපි ආණ්ඩුව එක්ක හැප්පෙනවා
06:55
Video thumbnail
තලල්ල වෙරළෙන් සොයාගත් මලුවල අයිස් තිබෙන බවට සැකයක් - වෙරළට දැඩි ආරක්ෂාවක් දමා ඇති අයුරු
01:41
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි..බෙංගාල බොක්කේ සුළි කුණාටු තත්ත්වයක් ?
06:11
Video thumbnail
රට ආරක්ෂා කරනවා කියලා ඇවිත් බෞද්ධ ආගමට ග#නවා - අපිට නඩු දැම්මට අපි බය වෙන්නේ නෑ
04:52
Video thumbnail
මුළු කළුතරම සලිත කරමින් වෙරළ තීරයෙන් හමුවූ නාඳුනන නිසල සිරුර
00:37
Video thumbnail
අනුරාධපුර පූජා නගරයට වෙන්න යන දේ මෙන්න..ප්‍රබල හෙළිදරව්වක් - රුවන්වැලිසෑය නිකම් ස්මාරකයක් කරලා
07:19