අම්බලන්ගොඩ පොලිසියේ තවත් දෙදෙනෙක්ට ස්ථානමාරු

අම්බලන්ගොඩ පොලිස් ස්ථානයේ නිලධාරීන් සැකකරුවෙකු අත්අඩංගුවට ගත් සිද්ධිය සම්බන්ධයෙන් අම්බලන්ගොඩ පොලිස් ස්ථානයේ තවත් පොලිස් සැරයන්වරයෙක්ට සහ පොලිස් කොස්තාපල්වරයෙක්ට ස්ථාන මාරු ලබා දීමට පියවර ගෙන තිබෙනවා.

එම සිද්ධියට අදාළව මීට පෙර ද උප පොලිස් පරීක්ෂකවරයෙක්ට මාරු වීමක් ලබා දුන්නා.

ගාල්ල දිස්ත්‍රික් (II) පොලිස් අධිකාරීවරයා යටතේ මේ සම්බන්ධයෙන් වන විමර්ශනය තවදුරටත් ක්‍රියාත්මක වනවා.