ලෝක තිරසර සම්මන්ත්‍රණයේ දී වසරේ හොදම නිබන්ධනයට හිමි සම්මානය ලංකාවේ වින්දුලාට

හොංකොංහි පැවති 12 වන ලෝක තිරසර සම්මන්ත්‍රණයට (12th World Sustanability Forum) ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයයේ පර්යේෂිකාවක වූ වින්දුලා ගම්මන්පිළ ඉදිරිපත් කළ පර්යේෂණ නිබන්ධනයට, වසරේ හොදම නිබන්ධනයට වූ සම්මානය හිමිව තිබෙනවා.

ඇය මෙම සම්මානය දිනාගෙන අද (27) දින උදෑසන කටුනායක ගුවන් තොටුපොළෙන් යළි මව්බිමට පැමිණියා.

මෙම සම්මන්ත්‍රණය ලෝකයේ සියලුම රටවල් නියෝජනය කරමින් 500 කට අධික පිරිසක් සිය පර්යේෂණ නිබන්ධන ඉදිරිපත් කර තිබූ අතර, එය ඉකුත් 21 වැනිදා සිට 24 වැනිදා දක්වා හොංකොං නුවර දී පැවැත්වුණා. .

වින්දුලා ගම්මන්පිළ මෙහිදී “විදුලි ක්ෂේත්‍රයට හරිත බලශක්ති ක්‍රමවේදය යටතේ සිදු කෙරෙන නව පිවිසුම් තිරසාර ලෙස ඇගැයීමට අවශ්‍ය ප්‍රතිපත්ති රාමුවක්” යන මැයෙන් සිය පර්යේෂණ නිබන්ධනය ඉදිරිපත් කර තිබුණා.          

වින්දුලා ගම්මන්පිළ ශ්‍රී ජයවර්ධපුර විශ්ව විද්‍යාලයයේ ඉංජිනේරු පීඨයෙන් ඉංජිනේරුවරියක ලෙස උපාධිය දිනා ගෙන එහි පර්යේෂිකාවක් ලෙස සේවයේ නිරත වී සිටින අතර, නීති උපාධිය ද සපුරා, දැනට කොළඹ අලුත්කඩේ අධිකරණ සංකීර්ණයේ සේවයේ නිරත නීතීඥවරියෙක්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බලු වැඩ කරන්න එපා ජනාධිපතිතුමා
13:57
Video thumbnail
මහ රෑ සංචාරකයින්ට තරු පෙන්නපු වන අලියා - විදේශිකයන් බිය වී කෑගහයි
01:17
Video thumbnail
සිරිලිය ගිණුමෙන් ශිරන්ති මුදල් හොරකම් කළේ නෑ..අදටත් ඒ ගිණුමේ සුරක්ෂිතව මුදල තියෙනවා
06:20
Video thumbnail
ආණ්ඩුවේ ගොවි රැළියට ලාල් කාන්තවත් ආවේ නෑ.. ජෝඩුවම නෑ
05:00
Video thumbnail
ශිරන්ති රාජපක්ෂ FCID එකෙන් දැනුම්දීමක් තියෙද්දි විදේශ ගත වුණේ නෑ - මනෝජ් හෙළිකරයි
08:47
Video thumbnail
අතුරුදන් වුණා කිව්ව ඥානසාර හිමි උසාවියට - අපි පළා යන්නේ නෑ
01:06
Video thumbnail
මැච් බලන්න එන අයට ක්‍රිකට් බෝඩ් එකෙන් බොන්න දෙනවද..? ඉතිං අපේ රැස්වීමට ආපු අයට අපි බොන්න දුන්නෑ..
02:33
Video thumbnail
රනිල්ව හමුවෙන්න ආ අමුත්තා
02:00
Video thumbnail
ලංගම බස් රථයක ගැටුණු මෝටර් රථය - CCTV දර්ශන
00:46
Video thumbnail
50000ක් විතර මිනිස්සු අපේ රැළියට ආවා - මහින්දට එන්න විනාඩි 40ක් ගියා
01:44